
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බලපෑම නොතකා අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කිරීමට පත්කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද ප.ව 02.00 නැවත රැස්වීමට නියමිතව ඇති බව කතානායක කාර්යාලය සඳහන් කරයි.
අද කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි සම්මේලනයේ සභාපතිවරයා, සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයේ නියෝජිතයෙකු සහ පසුගිය දා සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා අද දිනයේ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.