ඇමෙරිකානු සම්බාධකවලට ප‍්‍රතිචාර ලෙස ඉරානය සමග ‘තේ – තෙල් ගිවිසුමක්’

ශ්‍රී ලංකාවේ තේ අපනයන සඳහා ගෙවීම් යාන්ත්‍රණයක් සකස් කිරීමට ඉරාන නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට රජයේ නියෝජිතයින් තීරීණය කර ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකාවේ විශාලතම තේ වෙළෙඳපොළක් වන ඉරානයට පනවා ඇකි එක්සත් ජනපද සම්බාධකවලට අනුගතවීමට ඵලදායී යාන්ත්‍රණයක් රජය මෙතෙක් සොයා ගෙන නොමැති වීම මෙම සාකච්ඡාවන්ට හේතුව බවයි ඇමතිවරයා පවසන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇමැති නවීන් දිසානායක මහතා මෙසේ සඳහව් කළා. ඉරානයට අමෙරිකාව විසින් පනවා ඇති ආර්ථික සම්බාධක නිසා බැංකු මගින් ඍජු ප්‍රවේශයන් ලබා ගත නොහැකි නිසා තේ සඳහා ගෙවීම් කිරීමේ මඟ ඇහිරී තිබෙනවා. ගෙවීම් සඳහා මීට වඩා විධිමත් ක්‍රමයක් සැකසිය යුතු බව අපට අවබෝධ වනවා. ශ්‍රී ලංකාවේ තේ අපනයනය කළ හැකි අතර ඒ සඳහා ගෙවීම් වෙනුවට තෙල් වැනි නිෂ්පාදිතයක් ලබා ගත හැකි’ යැයි ද ඇමැතිවරයා ප‍්‍රකාශ කරනවා.

මේ අතර තේ මණ්ඩලයේ සභාපති ලූසීල් විජේවර්ධන මහතා ද වැදගත් කරුණක් හෙළි කළා. ‘‘තේ අපනයනය සඳහා ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූල වන පරිදි තේ සඳහා සීනි අන්තර්ගතය හඳුන්වා දී ඇති ප්‍රමිති දැඩි ලෙස පැනවීම් සිදු කර තිබෙනවා. තේ පර්යේෂණ ආයතනය විසින් සකස් කරන ලද ප්‍රමිතීන් මාස තුනක් සඳහා සකස් කර ඇති අතරල 90‍්‍%ක් අනුකූල වී තිබෙනවා. තව ද කොරියානු සමාගමක් විසින් වර්තමානයේ පාලනය වන ‘‘සිලෝන් ටී’’ හිමිකාරිත්වය ලබා ගැනීම සඳහා කොරියාවට යාමට සූදානම් වී සිටිනවා. ශ්‍රී ලංකාව සඳහා නොමිලේ ඩොමේන් නාමය ලබා දීමට සමාගම එකඟ තිබෙනවා. එය ලබන මාසයේදී සිදු කිරීමට නියමිතයි.

Recommended For You

About the Author: Editor