කැබිනට් අවුල විසඳන්න ජනපති – කතානායක හමුවක් හෙට ?

ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අද (11) දින කැබිනට් මණ්ඩලය රැස් නොකිරීම හේතුවෙන් උද්ගතව පවතින අර්බුදය විසඳා ගැනීම සඳහා හෙට (12) කතානායක කරු ජයසූරිය මහතා සහ පක්ෂ නායකයින් ජනපතිවරයා හමුවී සාකච්ඡ කිරීමට නියමිත බව වාර්තා වේ.

අද මැතිවරණ කොමිෂම් සභාවේ පැවැති පක්ෂ ලේකම්වරුන්ගේ හමුවෙන් පසු මාධ්‍ය ඇමතූ ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ද මෙවැනි හමුවක් ගැන සඳහන් කළේය.

කෙසේ වෙතත් එජාපයේ ස්ථාවර වන්නේ ජනපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය රැස් නොකිරීමට ව්‍යවස්ථා විරෝධී කි‍්‍රයාවක් බවයි. ඒ බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ද අවධාරණය කර තිබුණේය. ඒ අතර අගමැතිවරයා ද අද පැවැති මාධ්‍ය සාකච්ඡවකදී සඳහන් කළේ කැබිනට් මණ්ඩලය රැස් නොකළත් ඉන් ආණ්ඩුවට බලපෑමක් සිදු නොවන බවයි.

Recommended For You

About the Author: Editor