තානාපති සහ මහකොමසාරිස් ධූර 13ක් සඳහා නම් යෝජනා වේ

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් රටවල් 13ක් සඳහා තානාපති සහ මහකොමසාරිස් තනතුරු සඳහා පුද්ගලයින් නම් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව මගින් පියවර ගෙන ඇත. ඒ අනුව,

ඒ.එස්. ඛාන් නයිජීරියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස්
යූ.එල්. මොහොමඞ් ජවුහර් – කුවේට් හි ශ‍්‍රී ලංකා තානාපති
ආචාර්ය ඒ.එස්.යූ මෙන්ඩිස් – කොරියන් ජනරජයේ ශ‍්‍රී ලංකා තානාපති
එස්. ශානිකා දිසානායක – ජෝර්දානයේ ශ‍්‍රී ලංක තානාපති
ඩබ්ලිව්.ජී.එස්. ප‍්‍රසන්න – වියට්නාමයේ ශ‍්‍රී ලංකා තානාපති
හිමාලි අරුණතිලක – නේපාලයේ ශ‍්‍රී ලංකා තානපති
ලක්ෂිත රත්නායක – කියුබාවේ ශ‍්‍රී ලංකා තානාපති
පී.ආර්.එස්. සුශීෂ්වර ගුණරත්න – ඉතියෝපියාවේ ශ‍්‍රී ලංකා තානාපති
ඞී.ජී.සී.ඩබ්ලිව්. කරුණාරත්න – ලෙබනන් ශ‍්‍රී ලංකා තානාපති
ජේ.සී. වැලිඅමුණ – ඕස්ටේ‍්‍රලියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස්
එයාර් වීෆ් මාෂල් කපිල ජයම්පති – මලයාසියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස්
නිමල් කරුණාරත්න – මාලදිවයින්හි ශ‍්‍රී ලංකා තානාපති
කිත්සිරි ඇතුලත්මුදලි – කටාර්හි ශ‍්‍රී ලංකා

Recommended For You

About the Author: Editor