පාර්ලිමේන්තු බෝම්බය නිෂ්ක්‍රිය කළ යුතුයි කියලා කතාවක් ජනතාව අතරින් මතුවෙනවා – ලක්ෂ්මන් යාපා අබේවර්ධන

ආණ්ඩුවේ පාර්ශ්ව අතර අර්බුදයක් තියාගෙන රට ගෙනියන්න නොහැකි බවත් ජනතාවට අස්ථාවර නැති ආණ්ඩුවක් පිහිටුවන්න අවස්ථාව ලබාදිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියයි. මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේ රටේ දේශපාලන වාතාවරණය පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (11) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

අබේවර්ධන මහතා මෙසේ ද සඳහන් කළේය.

තේරීම් කාරක සභාව පවත්වන එක නැවැත්වුවේ නැත්නම් ජනාධිපතිතුමා කැබිනට් එක පවත්වන්නේ නැහැ කියනවා. රටේ ජනාධිපතිවරයා අගමැතිවරයා එකඟත්වයක නැහැ. කතානායකවරයා කියනවා පාර්ලිමේන්තුවේ කාරක සභාව හමුවට කැඳවන නිලධාරීන් පාර්ලිමේන්තුවට ආවේ නැත්නම් ඒ නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් පිළිතුරු දෙන්න වෙයි කියලා. ජනාධිපතිතුමා කියනවා තේරිම් කාරක සභාව නවත්වන්න, මගේ නිලධාරීන්ව යවන්නේ නැහැ කියලා.

ඉතිහාසයේ නොවුණ විදියට බුද්ධි අංශ නිරාවරණය වෙලා

ඉතිහාසයේ නොවුණ විදියට තේරීම් කාරක සභාවක් පවත්වලා රටේ බුද්ධි අංශ නිරාවරණය කිරිමක් වෙනනේ. බුද්ධි අංශය හා ආරක්ෂක ප්‍රධානීන් සම්බන්ධයෙන් මිට කලින් මෙවර හෙළිදරව්වක් වුණේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ධූරයේ ඉන්න කාලේ හෙන්ද්‍රවිතාරණ මහතා බුද්ධි අංශයේ සහ ආරක්ෂක අංශයේ ප්‍රධානියෙක් විදියට වැඩ කළා. නමුත් කවුදරුත් දන්නේ නැහැ කපිල හෙන්ද්‍රවිතරණ කියන්නේ කවුද කියලා. දැන් ආරක්ෂක ප්‍රධානීන් කවුද කියන දේ රට හමුවේ හෙළිවුණා.

මේ නිලධාරින් තේරීම් කාරක සභාව කැදවිම සම්බන්ධයෙන් කතානායක හා ජනාධිපතිවරයා අතර මතවාද දෙකක් ඇති වෙලා. නිලධාරින් පිළිගන්නේ කවුරු කියන දේද ? මේ වගේ තත්ත්වයකයි රට තියෙන්නේ. මැතිවරණයක් තියනවා ඇරෙන්න කරන්න දෙයක් අද නැහැ.

ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ නැහැ

ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ නැහැ. රට දරුණු ආර්ථික වැටිමකයි තියෙන්නේ. ග්‍රාමිය මට්ටමේ ගම්මිරිස් මිල රුපියල් 600යි. මෙතෙක් තිබුණු කුරුඳු මිල වැටිලා. ඒ අතරේ තේ කර්මාන්තශාලා දරුණු කඩා වැටිමකයි තියෙන්නේ. මේ වෙද්දී දකුණු පළාතේ තේ කර්මාන්ත ආයතන 27ක් කඩා වැටිමකට ලක්වෙලා තියෙන්නේ. මේ තත්ත්වය මගින් ආර්ථිකය විනාශ වෙනවා විතරක් නෙවෙයි රටේ පරිපාලනයක් නැති තත්ත්වයක් ඇති වෙලා.

පහුගිය සති දෙකේ අලුතින් ඡන්ද ලියාපදිංචිය අඩු වෙලා. පාර්ලිමේන්තු බෝම්බය නිෂ්ක්‍රිය කළ යුතුයි කියලා කතාවක් ජනතාව අතරින් මතුවෙනවා. මොකක්ද මේ බෝම්බය. පාර්ලිමේන්තු ප්‍රජාතනත්ත්‍රවාදය අවශ්‍ය නැහැ කියන එකයි. සාමාන්‍යයෙන් විශ්වාසභංග යෝජනාවක් ගෙනාවාම වෙන දේ ජනතාව දන්නවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙනාව වෙලාවේ කට්ටිය ඉක්මනට දුවලා පැනලා තීන්දු තිරණ අරන් ඡන්දයත් ඕනේ විදියට තිබ්බා. මේ විශ්වාසභංගය සම්බන්ධයෙන් ඒ වැඩපිළිවෙළ දියත් වෙන්නේ නැහැ.

මුස්ලිම් ඇමැතිවරු ඉවත් විම ප්‍රජාතන්ත්‍රවාදයට පහරක්

අවසානයේ මුස්ලිම් ඇමැතිවරු සියලු දෙනා ආණ්ඩුවෙන් ඉවත් වුණා. ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩු ක්‍රමය තුළ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ඉක්මනින් විසඳ ගන්නවා. මුස්ලිම් ඇමැතිවරු ඉවත් විම ප්‍රජාතන්ත්‍රවාදයට පහරක්. එල් ටි ටී ඊ සංවිධානය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක් කිරීමයි එදා ප්‍රධාන අභියෝගය වුණේ. සමහර අවස්ථාවල එයින් කොටසක් කඩලා ප්‍රජාතන්ත්‍රවාදයට ගත්තාග එවැන්නක් කරනවා මිස සියලු දෙනාවම අන්තවාදයට තල්ලු කිරිමක් නෙවෙයි සිදු විය යුත්තේ. මේ රට අර්බුදයට ලක්වෙන ක්‍රියාදාමයකටයි ආණ්ඩුව කටයුතු කළේ. දැන් තියෙන තත්ත්වය උඩ වහාම මැතිවරනයකට යාමයි කරන්න තියෙන්නේ.

ආණ්ඩුව තුළ විතරක් නෙවෙයි එජාපය තුළ නායකත්ව අර්බුදයක්

ඉන්දිය අගමැති ආපු වෙලාවේ රජයෙන් පරිවාර ඇමැතිවරයෙක් පත්කළා. පරිවාර වැඬේ කළේ අගමැතිවරයා. එජාපයේ තියෙන අර්බුදයත් ඒකෙන් පැහැදිලියි. පරිවාර ඇමැතිවරයාගේ කටයුතු ටික කරන්න බැරි වුණාත රාජ්‍ය නායකයෙක් ආපුවම ඒ නායකයා එක්ක යන්නයි පරිවාර ඇමැතිවරයෙක් පත්කරන්නේ. ඒ නායකයාගේ සියලු දේ බලා ගන්නේ පත්කරන පරිවාර ඇමැතිවරයායි. අන්තිමට පත්කරපු පරිවාර ඇමැතිවරයාට කරන්න සිදු වුණේ ජනාධිපති කාර්යාලයට එන එක විතරයි. මේකෙන් ආණ්ඩුව තුළ විතරක් නෙවෙයි එජාපය තුළ නායකත්ව අර්බුදයක් තිබෙන බවයි.

ආණ්ඩුවේ පාර්ශ්ව අතර අර්බුදයක් තියාගෙන රට ගෙනියන්න බැහැ. ජනතාවට අස්ථාවර නැති ආණ්ඩුවක් පිහිටුවන්න අවස්ථාව තියෙන්න ඕනේ. ජනතාව ඉන්නේ දැඩි කළකිරිමකයි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කැපවිමෙන් කටයුතු කරන්න සිදුවෙනවා. අපි ඒ සඳහා ශක්තිමක්ව මුහුණ දෙන්න සුදානම්. මෙවර ගුරු සංගමයේ ඡන්දයෙන් පේනවා රටේ ජනතාව එජාපය වගේම ජවිපෙත් මේ වෙද්දි ප්‍රතික්ෂේප කරලා තිබෙන බව.

Recommended For You

About the Author: Editor