
ශ්රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංග ගේ බිරිඳගේ මව අභාවප්රාප්ත වී ඇතැයි වාර්තා වේ. මේ තත්ත්වය මත ලසිත් හදිසියේ ශ්රී ලංකාවට පැමිණෙන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
බංග්ලාදේශ කණ්ඩායම හා අද පැවැත්වීමට නියමිත තරගයෙන් අනතුරුව ඔහු ශ්රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන බවත් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ සහභාගිවන ඊළඟ තරගයට පෙරාතුව ඔහු කණ්ඩායම සමගින් එක්වෙනු ඇති බවත් ක්රිකට් ආයතනය වැඩි දුරටත් නිවේදනය කරයි.