
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පුරුවේ තෙදින සංචාරයක් සඳහා අද (12) දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
අග්‍රාමාත්‍යවරයා සමඟ තවත් දෙදෙනෙක් සංචාරයට එක් වී සිටි බව අප ගුවන්තොටුපොළ වාර්තාකරු කියයි.
ඔවුන් අද දහවල් 12.15 ට සිංගප්පූරුව බලා ගමන්ගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 308 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් ඇති අතර මෙම පිරිස 14 වන දින නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය බව ද වාර්තා වේ.
මේ අතර අගමැති කාර්යාලයට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ අගමැතිවරයා සිංගප්පුරුව බලා පිටත්ව ගියේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බවයි.