
අධිකරණයට අපහාස කළැයි සඳහන් කරමින් අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන දෙවැනි පැමිණිල්ලට අදාළව ඉදිරි මාසය ඇතුළත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නීතිපතිවරයාට නියෝග කළේය.
ඉකුත් නොවැම්බර් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතා පළ කළ අදහස්වලින් ඒ මහතා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව මෙම පැමිණිල්ල කැඳවනු ලැබ තිබිණි.
මෙම පැමිණිල්ල අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.