කාලගුණ අනාවැකිය: දිවයින පුරා ප‍්‍රදේශ රැසකට තද සුළං සමග මහ වැසි

2019 ජුනි මස 12 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

දිවයිනේ උතුරු ප්‍රදේශයේ දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

බස්නාහිර, දකුණු,මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

බදුල්ල, අනුරාධපුර, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල මද වැසි ඇති විය හැක.

උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා තද සුළං ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශ හරහා විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇතිවේ.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 පමණ වේ.

ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වාවැඩි විය හැකි අතර මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩිවන අතර මුහුද තරමක් රළු වේ.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

Recommended For You

About the Author: Editor