ජවිපෙනුත් පොදු අපේක්ෂකයෙක් : කවුද කියලා කියන්නේ ජූලි

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වාමාංශිකල ප‍්‍රගතිශීලී, ප‍්‍රජාත්නත්වාදී පක්ෂ, සිවිල් සංවිධාන සහ පුද්ගලයන් සමග එක්ව ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ සාකච්ඡා පවත්වමින් සටින බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස කියයි.

ඔහු වැඩි දුරටත් සදහන් කර සිටියේ අප රටේ ආර්ථිකය, ජාතික ආරක්ෂාව සහ ජාතික සමගිය ගොඩ නැගීම වෙුනවෙන් දේශපාලන පෙරමුණක අවශ්‍යතාව මතුව ඇති බවයි. ඒ සදහා අවශ්‍ය සාකච්ඡා මේ වන විට පවත්වමින් සිටින අතර එහි ප‍්‍රතිඵල එළඹෙන ජූලි මාසයේදී ප‍්‍රකාශ කරන බවද ඔහු කීවේය.

Recommended For You

About the Author: Editor