ජාතික පොසොන් සතිය අද සිට

ජාතික පොසොන් සතිය අද (12) සිට ආරම්භ වන අතර පොසොන් සති පිරිත් පින්කම අද පස්වරුවේ සිට අනුරාධපුර ජය ශ‍්‍රි මහ බෝ සමිදුන් අභියසදී ආරම්භ වේ.

රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව අනුරාධපුරය, මිහින්තලය හා තන්තිරිමලේ පූජා භූමි කේන්ද්‍ර කරගනිමින් පොසොන් උත්සවය පැවැත්වෙන අතර සිතුල්පව්ව රජමහා විහාර භූමිය කේන්ද්‍ර කර ගනිමින් ද පොසොන් උත්සවය සැමරිමට කටයුතු යොදා තිබේ.

ලබන 18 වනදා තෙක් සියලු රාජ්‍ය ආයතනවල සහ ගොඩනැගිලිවල බෞද්ධ කොඩි ඔසවා තබන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යංශය ඉල්ලීමක් කරන අතර දිවයින පුරා පාසල් කේන්ද්‍ර කර ගනිමින් ද වැඩසටහන් රැසක් සංවිධාන කර තිබේ.

ඒ සඳහා වන චක‍්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යංශය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව අද සිට 16 වනදා තෙක් ආගමික ක‍්‍රියාකාරකම් ගණනාවක් පාසල් තුළ පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කර තිබේ.

Recommended For You

About the Author: Editor