
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එජාපය අතර ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය නිසා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීමට ඉඩ ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
සැසිවාරය කල් දැමූ පසු සියලු කාරක සභාවක් ඇහෝසි වන බව කී අබේවර්ධන මහතා ජනාධිපතිවරයා විසින් තේරීම් කාරක සභාව අත්හිටුවන්නැයි දන්වා තිබියදී එය නොතකා දිගටම පවත්වාගෙන යාම නිසා මෙම තත්වය ඇතිව තිබෙන බවද පැවසීය.
මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විනාශ කිරීම සඳහා තොරතුරු එක්රැස් කිරීම සඳහා කුමන්ත්‍රණකාරීව පිහිටුවන ලද්දක් බව මාධ්‍ය හමුවක් කැඳවමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද ඊයේ සඳහන් කර තිබුණේය.