
HIV සහ සිපිලිස් යන රෝග මවගෙන් දරුවාට බෝවීම තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ශ්‍රී ලංකාව නම් කිරීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
ඊට අදාළ තත්වකරණ සහතිකය ලබාදීමට නියමිත බවද එම කාර්යාංශය පවසයි.
ඒ අනුව දකුණු නැගෙනහිර ආසියා කලාපයේ මෙම සහතිකය ලබාගන්නා තුන්වන රට බවට ශ්‍රී ලංකාව පත්වන බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව පුරා ශක්තිමත් මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවක් ව්‍යාප්තව තිබෙන හෙයින් සෑම ගර්භණී මවකටම තම ගම් ප්‍රදේශයේ සායනයට සහභාගී වී HIV සහ සිපිලිස් යන රෝග සඳහා සියලු මූලික සේවා ලබාගත හැකි අතර පරීක්ෂණ ද නොමිලයේ සිදුකර ගත හැකිය.