
‘චිනයේ ෂැන්හයි කෝපරේෂන්’’ සංවිධානය විසින් කලාපයේ ගැටලූ සාකච්ඡා කිරීමට පවත්වන සමුළුව සඳහා සාකච්ඡා පැවැත්වීමේ සාමාජිකයෙකු ලෙස සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා හෙට (13) ටජිකිස්ථානය බලා පිටත්ව යන බව වාර්තාවේ.
මෙම සමුළුවේ සාමාජිකයන් ලෙස චීනය, රුසියාව, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් සහභාගී වන අතර නිරික්ෂක රටක් ලෙස පකිස්ථානය මෙම සමුළුවට සහභාගී වේ. චින, රුසියා මයිමේ තිබෙන රටවල් එක්ව මෙම සමුළුව පවත්වනු ලබයි.
ශ්රී ලංකාව මෙම සංවිධානයේ සාමාජිකයෙකු නොවන බව ද වාර්තා වේ.
14 වැනි සිකුරාදා මෙම සමුළුව ඇරැඹෙන අතර 15 වැනිදා ශ්රී ලංකා ජනාධිපතිවරයා සමුළුව ඇමැතිමට ද නියමිතය.
ශ්රී ලංකාව මෙම සංවිධානයේ සාමාජිකයෙකු නොවන අතර ජනාධිපතිවරයා සමඟ 50 කට ආසන්න නියෝජිතයින් පිරිසක් මෙම සංචාරයට එක්වීමට නියමිත බව ද වාර්තා වේ.