සීනි මට්ටම පහළ වැටී පැය 48ක් තුළ බිහාරයේ දිළිඳු දරුවන් 36ක් මිය ගිහින්

ඉන්දියාව කියන්නේ බොහෝ විට ළමුන්ට රැුකවරණයක් ඇති සුරක්ෂිත රටක් නොවෙයි. කුලභේදය, දුප්පත්කම, සමාජ ප‍්‍රචණ්ඩත්වය ආදි බොහෝ කරුණුවලින් ඉන්දියාවේ දරුවන් බැටකනවා.

මේ අතර පැය 48ක් තුළ ඉන්දියාවේ දුප්පත්ම ප‍්‍රාන්තයක් වන ‘‘බිහාර් ප‍්‍රාන්තයේ’’ දරුවන් 36 දෙනකු මෙලොව හැර ගොස් ඇතැයි ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරනවා. බිහාර් ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශ කිහිපයක ජීවත් වූ අවුරුදු 15 ට අඩු දරුවන්මෙ තමයි රෝගයට ගොදුරුව තිබෙන්නේ.

මේ අහිංසකයින් බිලිගෙන ඇත්තේ ‘‘හයිපෝ ග්ලයිසීමියා’’ හෙවත් රුධිරයේ සීනි මට්ටම පහත වැටීම හේතුවෙන් ඇති වූ රෝගී තත්ත්වයකින් බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිහි මද තත්ත්වයෙන් පසුවීම, පාචනය සහ කෝමා තත්ත්වයට පත්වීම මෙම රෝගයේ ලක්ෂණ බව සදහන්. කෙසේ වෙතත් එකවර  දරුවන් රැසක් මෙම තත්ත්වයට ගොදුරුවීමට හේතුව මෙතෙක් සොයාගෙන නැති බවත් ඒ පිළිබඳ පර්යේෂණ සිදුවන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

Recommended For You

About the Author: Editor