සහරාන් ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ යැයි මම දැනගෙන හිටියේ නෑ – M L A M හිස්බුල්ලා

තමන් සහරාන් පිළිබඳව කිසිදු ආරක්ෂක ලේකම්වරයෙකු සමඟ සාකච්ඡා කර නැතැයි ද ඔහු ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ යැයි තමන් දැන නොසිටි බව ද නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා අවධාරණය කළේය.

අද (13) පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් හිස්බුල්ලා මහතා මේ බව අවධාරණය කළේය. මෙහිදී වැඩි දුරටත් සාක්ෂි දෙමින් ඔහු මෙසේද ප‍්‍රකාශ කළේය.

සහරාන් පසුගිය ජනාධිපතිවරණයේ දී සම්පුර්ණයෙන් ම වැඩ කළේ අපිට විරුද්ධවයි. මම වැඩ කළේ මහින්ද රාජපක්‍ෂ මහත්තයාට. මම ඒ කාලේ මඩකළපුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලූම අපේක්ෂකයින්ට නායකත්වය දුන් කණ්ඩායම් නායකයා ලෙස වැඩ කළා. ඒත් සහරාන් පල්ලි ඔක්කොම පාවිච්චි කරලා වර්තමාන ජනාධිපතිතුමාට වැඩ කළා.

මම සහරාන් පිළිබඳව කිසිදු ආරක්ෂක ලේකම්වරයෙකු සමඟ සාකච්ඡා කර නැහැ. ඔහු ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ යැයි මම දැනගෙන හිටියෙත් නැහැ.

නලින්ද ජයතිස්ස : සහරාන්ගේ ප්‍රචණ්ඩත්වය පිළිබඳව අනෙකුත් පිටස්තර උදවිය දැන සිටියදී කාත්තන්කුඩිය නියෝජනය කරන ප්‍රධාන දේශපාලනඥයා වශයෙන් ඔබ නොදැන සිටීමට හේතුව කුමක් ද ?

මම සහරාන් ත්‍රස්තවාදියෙකු බව දැන සිටියා නම් ඒ බව පැමිණිලි කරනවා. 2015 මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා සංගීතය යොදා ගත් බැවින් සහරාන් මට එරෙහිව කටයුතු කළා. එනවුන්ස් කරන කොට සින්දු දැම්මා. සින්දු දැම්ම නිසා ගිවිසුම අවලංගුයි කියල ඊට පස්සේ එයා මට විරුද්ධව වැඩ කළා. මාව පරාද කළා. මගෙන් ඡන්ද දෙදාහක් විතර අඩු කළා. මම 121කින් පැරදුණේ. ඊට පස්සේ ජනාධිපතිතුමා මාව ජාතික ලැයිස්තුවෙන් පත් කළේ. මට ජාතික ලැයිස්තුවෙන් පත්වීම ලැබීමෙන් අනතුරුවත් සහරාන් විශාල උද්ඝෝෂණයක් දියත් කරමින් මට එරෙහිව ක්‍රියා කළා. සහරාන්ට වරෙන්තු නිකුත් කර තිබුණ නිසා 2017 මාර්තු මාසයේ දී ඔහු ගමෙන් පිට වුණා.

Recommended For You

About the Author: Editor