අධ්‍යාපන අමාත්‍යාංශය බොරු කියයි : අදත් පාසල්වල ආරක්ෂාව මාපියන්ට භාරදීලා

පාසල් වෙත ආරක්ෂාව ලබා දීමට දෙමාපියන් සහභාගි කර නොගන්නා ලෙස නිකුත් කර තිබූ චක්‍රලේකය ඊයේ දිනයේදීත් විදුහල්පතිවරුන්ට නොලැබීමෙන් විදුහල්පතිවරු දැඩි අපහසුතාවට පත්ව සිටින අතර මේ හේතුව මත අද (14) දිනයේදී පාසල්වල ආරක්ෂාවට දෙමාපියන් යෙදවීමට සිදුව තිබේ.

ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ පාසල් වෙත ආරක්ෂාව ලබාදීම සඳහා තවදුරටත් දෙමාපියන් අවශ්‍ය නොවන බවයි. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරිනියක් සඳහන් කළේ අදාළ චක‍්‍රලේඛය අද දිනයේ සියලූම පාසල්වලට යැවීමට පියවර ගන්නා බවයි.

පාසල්වල ආරක්ෂාවට දෙමාපියන් යෙදවීම නිසා රැුකියා කරන දෙමාපියන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින අතර බොහෝ දුර බැහැර ප‍්‍රදේශවල සිට පෙ.ව 5.30ට පමණ පාසල්වලට පැමිණීමට සිදුවීම පිළිබඳව ඔවුන් දැඩි සේ චෝදනා කරති. ළමුන් කිහිප දෙනකු සහ විශේෂයෙන් දුර බැහැර ප‍්‍රදේශවල සිටින දෙමාපියන් මේ තත්ත්වය හමුවේ දැඩි පීඩාවට පත්ව සිටිති.

මේ පිළිබඳව පුවත් පත් දැන්වීමක් පළකර තිබුණද ඒ අනුව කටයුතු කළ නොහැකි බව විදුහල්පතිවරු පවසති’

Recommended For You

About the Author: Editor