පොසොන් වඳින්න අනුරපුරේ යන බැතිමතුන්ට අද සිට 18 දක්වා නොමිලේ දුම්රිය සේවා

පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වාත් මිහින්තලයේ සිට අනුරාධපුරය දක්වාත් ගාස්තු අය නොකරන විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

එම සේවය අද දින (14) දිවා කාලයේ සිට ක‍්‍රියාත්මක වන අතර ලබන 18වෙනිදා දක්වා එම සේවය ක‍්‍රියාත්මක වේ.

මිහින්තලයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් නොමිලේ ක්‍රියාත්මක මෙම දුම්රිය සේවාව සඳහා පූර්ණ අනුග්‍රහය දක්වන්නේ තන්ත්‍රි සමාගම විසිනි.

Recommended For You

About the Author: Editor