සහරාන් මැරුණා කියා මම තමයි වැඩියෙන්ම සතුටු වෙන්නේ – M. L. A. M. හිස්බුල්ලා

සහරාන් ත‍්‍රස්තවාදියෙකු බවට වාදයක් නැති නමුත් 2015දී තමා ඔහු හමුවන විට ආගමිකයෙකුව සිටි බව නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්කි දෙමින් ඊයේ (13) ප්‍රකාශ කෙළේය.

විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්කි ලබාදීමට පැමිණි නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා සාක්කි ලබාදීමට පෙර තමන් ලබාදෙන සාක්කි නිවැරැදි හා සත්‍යය බවට දිවුරුම් ලබාදීම ද සිදුකෙරිණි. එමෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කරුණු වේ නම් එම කරුණු මාධ්‍ය ඉදිරියේ අනාවරණය නොකරන ලෙසත් එවැනි තොරතුරු මාධ්‍ය නොමැතිව කාරක සභාව හවුවේ ඉදිරිපත් කළහැකි බවත් විශේෂ කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සාක්කිකරුවන් වෙත දැනුම් දුන්නේය.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, රවී කරුණානයක, සරත් ෆොන්සේකා, රවුෆ් හකීම්, මහාචාර්ය ආශු මාරසිංහ, නලින්ද ජයතිස්ස, එම්.ඒ සුමන්දිරන් මහත්වරුන් කාරක සභාවේ සාක්කි මෙහෙයවීම සිදුකෙරිණි.

ආනන්ද කුමාරසිරි මහතා,

ඔබ දේශපාලනයට පැමිණි ආකාරය කියන්න ?

නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා

1987 වසරේ දී මම දේශපාලනයට මුලින්ම පැමිණියා. 1989 වසරේ දී පාර්ලිමේන්තුවට පැමිණියා. එයින් පසුව නියෝජ්‍ය ඇමැතිවරයෙක් ලෙස කටයුතු කළා. 2003 දී නැවතත් පාර්ලිමේන්තුවට ආවා. 2010 පාර්ලිමේන්තුවට ආවා. තැපැල් හා විදුලි සංදේශ නියෝජය ඇමැතිවරයා වශයෙන් කටයුතු කළා. රාජ්‍ය ඇමැතිවරයෙක් වශයෙන්ද කටයුතු කළා. කැබිනට් ඇමැතිවරයෙක් ලෙස ද කටයුතු කර තිබෙනවා. මේ වසරේ ජනවාරි පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වුණා. පසුව නැඟෙනහිර ආණ්ඩුකාර ධූරයට පත්කළා.

රවුෆ් හකීම් මහතා.

ඔබ ශ්‍රී ලාංකිකයෙක් කියා විශ්වාස කරනවා. ගෝලීය වශයෙන් මුස්ලිම් මහ ජාතිය කියා කිවුවා.

නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා

මම මේක ප්‍රසිද්ධ රැස්වීමක කළ එකක් නොවේ. මුස්ලිම් පල්ලියක තිබුණා සාකච්ඡාවක්. හැම කෙනාම බියෙන් සිිටියේ. මුස්ලිම් අය බියවුණා. කඩවලට ගියේ නැහැ. සාමාන්‍යයෙන් ගාලු මුවදොරට වසර 45ක සිට එනවා. නමුත් මේ වසරේ අපි එහි යාඥා කෙළේ නැහැ. මුසලිම් අය බියෙන් සිටියේ. මම කිවුවේ අපිට බියවෙන්න එපා. ව්‍යාපාර කරන්න පුළුවන්. බව වෙන්න එපා. ලංකාවේ සුළුතරයක් වුණත් ගෝලීය වශයෙන් විශාලයි කියා මම කිවුවා. ජනතාව ධෛර්යමත් කරන්නයි මම එහෙම කිවුවේ. වෙන අදහසකින් මම කිවුවේ නැහැ. ඒ නිසයි බිය වෙන්න එපා කිවුවේ.

රවී කරුණානායක මහතා,

මේ කියු දෙය ප්‍රතික්ෂේප කරනවාද. ලංකාව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද.

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා

මම හැමදාම ලංකාව සම්බන්ධයෙන් කතා කරනවා. පාර්ලිමේන්තුවේත් කතා කලෙත් ලංකාව බෞද්ධ රටක් කියලයි. ධෛර්යමත් කරන්න තමයි එහෙම කිවුවේ.

රවී කරුණානායක මහතා,

අන්තවාදීන් පිරිසක් ආගම මුල්කරගෙන මෙවැන්නක් කර තිබෙනවා. ඔබේ නම සහරාන් තුළින් එනවා. සහරාන් හමුවී තිබෙනවාද ?

නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා

මම ඔහුව හම්බ වී තිබෙනවා. සහරාන් 2015 දී පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා අවසන් වූ පසුව මුස්ලිම් අපේක්ෂකයන් ඔහුගේ කාර්යාලයට කැදෙව්වා. ඔහු ඒ කාලයේ ආගමිකයෙක්. ආගම ගැන කියනවා. තරුණ තරුණියන් ඔහු සමඟ සිටියා. එයා සමඟ කතා කරනවා. ඒ නිසා මැතිවරණ සමයේ එයා ඔක්කොටම එන්න කිවුවා. මම විතරක් නෙවෙයි ගියේ. මුස්ලිම් කොංග්‍රසයේ අයත් මේකට ගියා.

රවී කරුණානායක මහතා,

ආගමික නායකයන් රටේ ඉන්නවා. ඔහුට තිබෙන පසුබිම කුමක්ද ? ඔහු ත්‍රස්තවාදියෙක්ද ?

නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා

ඔහු ත්‍රස්තවාදියෙක්. කිසිම වාදයක් නැහැ. නමුත් 2015 අපි හමුවන විට ත්‍රස්තවාදියෙක් නොවයි. ඒ කාලයේ ඔහු ආගමිකයෙක් නිසා අපි ඔහුගේ ආරාධනයට ගියා. අපිට සහාය දෙන්න කියා අපි කිවුවා. නමුත් කොන්දේසි ටිකක් එයා කිවුවා. මම ඒකට අත්සන් කළා. කොන්දේසි කිහිපයක් එහි තිබුණා. සිංදු දාන්න බැහැ. කාන්තාවන් සමඟ එන්න එපා කිවුවා. ඡන්දය ගන්න නිසා අපි ඕන දෙයක් කරනවා.

රවී කරුණානායක මහතා,

ඡන්දයට ඕන දෙයක් කරනවාද ?

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා

එදා ඔහු ත්‍රස්තවාදියෙකු නොවන නිසා අපි ඔහු සමඟ සිටියා. නමුත් එක්තරා අවස්ථාවක අපේ රැස්වීම සිංදු දැම්මා කියා අපේ ගිවිසුම අවලංගු කළා. මම එදා විතරයි ඔහුව හමුවුණේ. පසුව ඡන්ද 121කින් මාව පරාද කළා. 2000ක් විතර මට ඡන්ද අඩුකළා. ඔහු එදා සිට මට විරුද්ධව වැඩකළා. ජනාධිපති ජාතික ලැයිස්තුවෙන් මාව පාර්ලිමේන්තුවට ගත්තා.

2017 සිට මොහුව අත්අඩංගුවට ගන්න උත්සාහ කළා. නමුත් ලංකාවේ නැහැ කියා පොලිසිය කිවුවා. 9 දෙනෙක් අත්අඩංගුවට ගත්තත් 4 දෙනෙක් අත්අඩංගුවට ගත්තේ නැහැ. 2017 වසරේ අපි මේ සම්බන්ධයෙන් විරෝධතා පැවැත්වුවා. අපි මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කලා. එයින් පසුව ඔහු ගමෙන් පිටත් වුණා. එයා ලංකාවේ ්නැහැ කිවුවා. එයින් පසුව බෝම්බ ගැසූ පසුවයි ඔහු දැන ගත්තේ. මාව නැතිකරන්න වැඩ කරන්නයි ඔහු කටයුතු කෙළේ. මගේ කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ. ඔහු මාව විනාශ කරන්නයි කටයුතු කළේ. ආමි මොහිදීන් කියා කෙනෙකුත් සහරාන් සමඟ සිටියා. යුද්ධ කාලයේ ඔවුන් මොනවා හරි සම්බන්ධකම් ඇති. නියාස් කියා කෙනෙක් සිටියා. හමුදාව සමඟ සබඳතා තිබුණා.

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා,

ඔවුන් හමුදාව සමඟ සබඳතා තිබුනේ කොහොමද ?

නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා

ඒ අය සම්බන්ධතා තිබෙන්න ඇති. අපිට පහර දෙනවිට යම්කිසි බලයක් තිබෙන්න ඇති.

සරත් ෆොන්සේකා මහතා

හමුදාව සමඟ සම්බන්ධයි කියන්නේ කොයි කාලයේ ද ?

හරියටම කියන්න බැහැැ. නමුත් ඔවුන් හමුදාව සමඟ සබඳතා තිබුණා.

නලින්ද ජයතිස්ස මහතා

සහරාන් හැර වෙනත් අයත් මේ වගේ කතාකර තිබෙනවා.

නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා,

ඡන්ද දෙතුන් දහන් නෙවෙයි තුන් හාර දවසක් තිබෙන අය සමඟත් මම සාකච්ඡා කළා. මැතිවරණය සමයේ මේ සියලු දෙනා සමඟ සාකච්ඡා කරනවා. එයා පොලිසියට ගිහින් අවසර ගන්නවා. පස්සේ විවිධ පාර්ශවයකන්ට පහර දෙනවා. එයා හොද කථිකයෙක්. ඒ අයගේ අදහස්වලට විරුද්ධව කතා කරන්නේ නම් එයාලා විරුද්ධ වෙනවා.

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා,

එයා කුමක් කළත් පොලිසියෙන් අවසර පත්‍ර ලබාගෙන තිබෙනවා නේද ? වෙනත් මත තිබෙන අයට ප්‍රසිද්ධියේ බැන තිබෙනවා. එකිනෙක අය අතර ගැටුම් ඇතිකරන කෙනෙක් කියා දැනගෙන සිටියා නේද ? වෛරය පතුරුවමින් ඔහු කටයුතු කළා.

නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා,

එයා අවශ්‍ය විදියට අවසර ගත්තා. මමත් පැමිණිලි කර තිබෙනවා. එයාට විරුධ අයට බනිනවා. එයා වෛරය පතුරුවමින් කටයුතු කරනවා.

නලින්ද ජයතිස්ස මහතා,

එයාගේ කණ්ඩායම වර්ධනය වුණේ කොහොමද ?

නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා,

2011 වසරේ සිට ආගම සම්බන්ධයෙන් විවිධ දේ ප්‍රකාශ කරනවා. තවුහිද් කියා විවිධ කණ්ඩායම් තිබෙනවා. එහෙම කිහිපයකට එයා ගියා. ඒ අය ප්‍රතික්ෂේප කළ පසුව ඔහු විසින්ම කණ්ඩායමක් සකස් කර ගත්තා. හැමදාම එහෙම කළා.2017 දක්වා ඔහු ආගමික කටයුතුු තමයි කලේ. 2017 න් පසුව තමයි අයි.එස් සමඟ සම්බන්ධ වෙලා මේ කටයුතු කර තිබෙන්නේ.

රවී කරුණානායක මහතා,

ඔබ අයි.එස් ප්‍රතික්ෂේප කරනවා ද ? ඔබ ගිවිසුමට අත්සන් කළ එකට අනෙක් අයත් අත්සන් කළාද.

නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා,

සම්පූර්ණයෙන්ම මම ප්‍රතික්ෂේප කරනවා. මම ඔහුව ත්‍රස්තවාදියෙක් කියා කිසිම අවස්ථාවක දන්නේ නැහැ. ප්‍රහාරයෙන් පසුව තමයි මම දැන ගත්තේ.

නලින්ද ජයතිස්ස මහතා,

පාසලක සිදුවීමක් සිදුවූ පසුව සහරාන් පහර දීමක් සිදුව තිබෙනවා නේද ?

නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා,

එදා විදුහල්පතිවරයාට සහ පවුලේ අයටත් මටත් බැන වැදුනා.

ජයම්පති වික්‍රමරත්න මහතා,

ඔබටත් බැන වැදුනා ද ?

නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා,

මට තමයි විරුද්ධව බැන වදින්නේ

සරත් ෆොන්සේකා මහතා,

පිළිගන්න නොහැකි දේ මොනවා ද කියන්නේ ? හරි දේ කියලා දෙන්නේ මොනවා ද ? අනික් ආගම්වලට පහර දෙන්න කිවුවේ නැද්ද ? ඔබට බැන්නා රැස්වීමක දී සිංදු දැම්මා කියා. ඔබතුමාගෙන් ඉවත් වුනේ සිංදු දැම්මා කියලාද.

නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා,

ආගමට අනුව පිළිගත නොහැකි දේ අපි කියනවා නම් අපිට බනිනවා. අපේ ඒවා වැරැදි කියා කියනවා. එයා අපි කියන හරිදේ පිළිගන්නේ නැතිනම් අපිව එළියට දානවා. අපි ඉවත් කරනවා කියා නිවේදනය කරනවා. අනෙක් ආගමිකයන්ට පහර දෙන්න කියා මම දැනුවත්ව කියා නැහැ.. මම සිංදු දැම්මා කියලා ද විරුද්ධ වුණේ මට හැමදාම විරුද්ධව කටයුතු කළා. මම ළඟ සුර්පි කණ්ඩායම් ඉන්නවා. ඒ නිසා ඔහු මට විරුද්ධයි. මගේ ළග 3000ක් පමණ ඉන්නවා. ඒ අය මට පක්ෂවයි කටයුතු කෙළේ.

සරත් ෆොන්සේකා මහතා

සහරාන්ගේ රැස්වීමට ඔබට ආරාධනා කළේ ඇයි.

නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා,

මට එයා තරහයි. නමුත් ඡන්දය නිසා මම ගියා.

රවී කරුණානායක මහතා

පළාත් සභා ඡන්දයට ඔබට සහරාන් සහාය දුන්නේ නැද්ද

නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා,

ඔහුට වරෙන්තුවක් නිසා රටින් පිටවුණානේ. ඒ නිසා මට සහාය දුන්නේ නැහැ.

නලින්ද ජයතිස්ස මහතා,

ඔබ යම්කිසි දිනෙක සහරාන්ට විරුද්ධව ආරක්ෂක අංශ වෙත පැමිණිලි කර තිබෙනවා. ඔබ කාත්තන්කුඩිය දේශපාලඡයෙක්. එහේ සිදුවන දේ දන්නේ නැත්තේ කොහොමද. මේ සිදුවීම් සියල්ල සහරාන් ඇතුළු අය කළ සියල්ල කාත්තන්කුඩිය ආශ්‍රිතව සිදුවෙනවා. නමුත් අපිට පැමිණිලි ලැබෙනවා මේ අයට එරෙහෙිව. ඔබට මෙය නොදැනෙන්න හේතුවක් තිබෙන්න ඕන.

නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා,

මම සහරාන් දන්නේ ආගමික සාමාජිකයෙක් ලෙසයි. ඒ හැර මම ඔහුට විරුධව කිසිම පැමිණිල්ලක් දාලා නැහැ. ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පැමිණිලි කර නැහැ. සහරාන් මැරුණා කියා මම තමයි වැඩියෙන්ම සතුටු වෙන්නේ. ඊළඟ ඡන්දයට මට කිසිම බාධාවක් නැහැ. එයා ත්‍රස්තවාදියෙක් නම් මම අනිවාර්යෙන් පැමිණිලි කරනවා. ත්‍රස්තවාදයෙකුගේ මළ සිරුරක් අපේ සුසානයක මිහිදන් කරන්න උත්සාහ කළා. නමුත් අපි ඉඩ දුන්නේ නැහැ. සහරාන් ත්‍රස්තවාදියෙක් කියා කිසිදු ආකාරයකින් මම දන්නේ නැහැ. 2017 මාර්තුවලින් පසුව ඔහු ගමට ආවේ නැහැ. එයින් පසුව අපි ඔහු ගැන දන්නේ නැහැ.

නලින්ද ජයතිස්ස මහතා,

සහරාන් කාත්තන්කුඩියේ නොසිටියත් ඔහුගේ කට්ටිය සිටියා නේද.

නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා,

කිහිපදෙනෙක් වරෙන්තු නිසා පිටත් වුණා. මරාගෙන මැරුනු බෝම්බකරුවන් කිහිපදෙනෙකුට මෙලෙස වරෙන්තු නිකුත්කර තිබුණා. ඒ නිසා ඒ අය සිටියේ නැහැ.

ඉතිරි කොටස හෙට

Recommended For You

About the Author: Editor