රාජ්‍ය පරිපාලන ලේකම් පාස්කු ඉරිදා කමිටුව හමුවේ ‘සාරි – ඔසරි චක‍්‍රලේඛයේ’ ඇත්ත හෙළි කරයි

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා

රාජ්‍ය සේවක සේවිකාවන්ගේ ඇඳුම පිළිබඳ චක්‍රෙල්ඛය ඉදිරිපත් කෙළේ රාජ්‍ය සේවකයන්ට පමණක් බවත් අඩුම ගානේ සංස්ථාවලට හෝ ඉදිරිපත් කර නැතැයි’රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා ඊයේ (13) පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ සාක්ෂි ලබා දෙමින් පැවසීය.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, රවී කරුණානයක, සරත් ෆොන්සේකා, රවුෆ් හකීම්, මහාචාර්ය ආශු මාරසිංහ, නලින්ද ජයතිස්ස, එම්.ඒ සුමන්දිරන් මහත්වරුන් කාරක සභාවේ සාක්කි මෙහෙයවීම සිදුකෙරිණි.

ආනන්ද කුමාරසිරි මහතා,

පසුගිය කාලයේ මතභේදයට තුඩුදුන් නිල ඇදුම් සම්බන්ධයෙන් කියන්න හැකි දෙයක් තිබෙනවා. ඔබගේ තොරතුරු සම්බන්ධයෙන් ද කියන්න පුළුවන්.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා

මම ගුරුවරයෙක් ලෙස රාජකාරි ආරම්භ කළා. ඉන් පසුව පරිපාලන සේවයට ආවා. 2009 දී මොණරාගල දිසාපතිවරයා වශයෙන් සේව්ය කළා. එයින් අනතුරුව අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරයෙකු වශයෙන් සේවය කර තිබෙනවා. රාජ්‍ය සේවය සම්බන්ධයෙන් මගේ දැනීම ආකාරයට රාජ්‍ය සේවයේ එකමඅතඅ බවක් තිබිය යුතු වෙනවා. මහජනතාවගේ මුදලින් වැටුප් ලබන පිරිසක්. ඔවුන්ට කැමැති කැමැති පරිදි වැඩ කරන්න් බැහැ. රටේ ඕනම තැනක සේවය කරන්න ඕන. රජයේ නීතිවලට අනුව කටයුතු කරන්න ඕන. විභාග පවත්වා බඳවා ගන්නේ. ජාතිය, ආගම එහිදී බලන්නේ නැහැ. ඉහළ ලකුණු ගන්නා අය බදවා ගන්නවා. විවිධ ස්ථානවල නිල ඇඳුම් සම්බන්ධයෙන් නීති තිබෙනවා. හමුදාවට රෝහලට, නිල ඇඳුම් තිබෙනවා. කුමන තනතුරකට ගියත් ප්‍රමිතිය ආරක්ෂා වන පරිදි ඇඳුම් අදින්න ඔන. රටේ විනයක් තිබෙනවා.

රාජ්‍ය සේවය මහජනතාවට හිතසුව පිණිස තිබෙන්න ඕන. එතන විනය ආරක්ෂා කරන්න පොදු නීතිරීති තිබිය යුතු වෙනවා. පසුගිය කාලයේ යම් යම් සිද්වීම් තිබෙනවා. අප්‍රේල් සිද්ධියත් සමඟ අපිට ඉල්ලීම් ආවා රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ ආරක්ෂාව, මහජන ආරක්ෂාව ගැන කටයුතු කළයුතුයි කියලා. අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ රැස්වීම් තිබුණා. රාජ්‍ය ආයතනවල ආරක්ෂෘව වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්න කිවුවා. මගේ අමාත්‍යාංශයේ 600 ක් පමණ සේවය කරනවා. අපි යම් යම් ආරක්ෂක වැඩපිළිවෙලවල් යෙදුවා. විවිධ දේ මේ වෙනුවෙන් කළා. ඇඳුම් පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා කියා අපිට පැමිණිලි ආවා. මේ ගැන කටයුතු කරන්න කිවුවා. පසුගිය කාලයේ නිකුත් කළ චක්‍ර ලේඛ තිබුණා.

රවී කරුණානායක මහතා,

මේ අමාත්‍යාංශයේ වැඩ බාර ගත්තේ 

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා

මම මේ අමාත්‍යාංශයට ආවේ 2018 වසරේ දෙසැම්බර් මාසයේ ආවා.

රවී කරුණානායක මහතා,

නැවත චක්‍ර ලේඛයක් ඉදිරිපත් කරන්න කිවුවේ කවුද ?

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා

මාසික රැස්වීමක් තිබෙනවා. එතනදී රාජ්‍ය සේවයේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්න කිවුවා. අපි මේ සම්බන්ධයෙන් රැස්වීම්වල සාකච්ඡා කලා.

රවී කරුණානායක මහතා,

මේ චක්‍රෙල්ඛ ඉදිරිපත් කිරීමෙන් ප්‍රශෟනයක් තිබෙනවා කියා පිළිගන්නවාද ?

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා

අපි මේ චක්‍රෙල්ඛය ඉදිරිපත් කෙළේ රාජ්‍ය සේවකයන්ට පමණයි. අඩුම ගානේ සංස්ථාවලට හෝ ඉදිරිපත් කර නැහැ. මේ ගැන අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ රැස්වීමේ දී යෝජනා වුණා. විෂය බාර ඇමැතිවරයා සමඟ මේ ගැන කතා කර තිබෙනවා. අමාත්‍යාංශ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් අත්සන් කර තිබෙනවා. ලේකම්වරුන් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා කළා.

රවී කරුණානායක මහතා,

මෙය පසුව අහෝසි කරන්න කියා කිවුවානේද.ඇමැති මණ්ඩලයට මේ ගැන දැනුවත් කර නැහැ. හානියක් සිදුවූ පසුවයි මේ චක්‍රෙල්ඛය ආවේ. මේක අමාත්‍ය මණ්ඩලයෙන් යෝජනා වෙන්න ඕන දෙයක්.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා,

මෙය ඇමැති මණ්ඩලයට යායුතු ප්‍රශෟනයක් ලෙස අපි දකින්නේ නැහැ. අපිට මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් යෝජනා ආවා. අපි මේ සම්බන්ධයෙන් ගත් යෝජනා ඇමැතිවරයා හොඳින්ම දන්නවා.

සුමුන්දිරන් මහතා,

කවුද මේ ඇඳුම පිළිබද තීරණයක් ගත්තේ

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා,

අපිට මීට පෙර නිකුත් කළ චක්‍රෙල්ඛ තිබුණා. මේ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදන දෙකක් තිබෙනවා. මගේ ඇමැතිවරයා සහ සියලු නිලධාරීන් මේ ගැන දන්නවා. අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් මම වගකීම බාර ගන්නවා. ඇමැතිවරයා සමඟ අපි සාකච්ඡා කළේ. එතනදී ගත් තොාරතුරු ක්‍රියාත්මක කළා.

සුමන්දිරන් මහතා,

අප්‍රේල් මාසයේ සිදුවීම කළේ ත්‍රස්තවාදීන්. එක් සිදුවීමක් හැර අනෙක් සැම පිරිමි. ඒ අය ඇඳන් සිටියේ මොනවාද. ඔවුන් ඇඳගෙන සිටියේ කලිසම්, ටී ෂර්ට්, පාවහන්, බෑග් තිබුණා.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා,

මම ඒවා දැක්කේ නැහැ. ඒ නිසා මම දන්නේ නැහැ.

සුමන්දිරන් මහතා,

එසේ නම් කාන්තාවන්ටත් මෙවැන්නක් තීරණය නොකලේ ඇයි. අපි පාසලේ ඉන්නකොට විවිධ ජාතීන් ඉන්නවා. අදින පළඳින දේවල් දන්නවා.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා

රාජ්‍ය සේවයේ පිරිමි සහ කාන්තාවන් දෙපාර්ශවයම ඉන්නවා.

රවුෆ් හකීම් මහතා,

මේ චක්‍රෙල්ඛයට ශීර්ෂයක් දී තිබුණා රාජ්‍ය ආයතනවල ආරක්ෂාව සහතික කිරීම කියලා. ඒ වගේම එහි විවිධ දේ කියනවා. මේ ආරක්ෂාව සහ ඇඳුම අතර සෘජු සබඳතාව.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා

විවිධ ඇඳුම් ඇඳගෙන එය අය නිසා යම් තර්ජනයක් ඇති වෙනවා කියා පැමිණිලි ආවා. ඒ නිසා රජයේ ගැසට් නිවේදනයක් තිබෙනවා. ඒකට අනුකූල වෙන්න කිවුවා.

රවුෆ් හකීම් මහතා,

දැනට තිබෙන චක්‍රෙල්ඛය නිකුත් කර තිබෙන්නේ කවදාද.මේ ගැන තිබෙන රෙගුලාසි කෙසේ ක්‍රිියාත්මක වියයුතු ද යන්න අපි දන්නවා. ආරක්ෂාවට ඇඳුම බලපාන්නේ කොහොමද.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා,

ජනාධිපති කාර්යාලය විසින් මේ චක්‍රලේඛය නිකුත්කර තිබෙනවා. ආරක්ෂාව සම්බන්ධයෙන් යම් යම් ඇඳුම් පිළිබඳ පැමිණිලි ආවා. නමුත් මේකට චක්‍ර ලේඛයක් නිකුත් කරන්න බැහැ. යම් යම් දේ එපා කියා අපිට යෝජනා ආවා. නමුත් අපි ඒවා නොකර සුදුසු දේ කරන්න කිවුවා.

රවුෆ් හකීම් මහතා,

රජයේ කාර්යාලවල වැඩකරන යම් ජාතිකයකට අයත් පිරිසක් මේ වනවිට නිවාඩු අරගෙන ගෙදර සිටිනවා.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා

එවැනි සිදුවීමක් ගැන අපිට පැමිණිලි ලැබී නැහැ. යම් අයෙකුට හානියක් සිදුව තිබෙනවා නම් අපේ අමාත්‍යාංශය දැනුවත් කරන්න පුළුවන්. මෙවැන්නක් ගැන යෝජනාවක් වී නැහැ. කරුවලගස්වැව ප්‍ර දේශයෙන් තමයි අපිට සාරි අදින්න කියා යෝජනා ආවේ.

ජයම්පති වික්‍රමරත්න මහතා,

කුමක් වෙනුවට සාරි අදින්න් ද කිවුවේ.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා

විශේෂයෙන්ම සාරි අදින එක හොදයි කියා අපිට යෝජනාවාක් ආවා.

රවුෆ් හකීම් මහතා,

ඒ අය කැඳවා උපදෙස් ලබාදී තිබෙනවා. සේවක අයිතිවාසිකම් සම්බන්ධයෙන් මෙය ප්‍රශ්නයක්. හදිසි නීති රෙගුලාසි උල්ලංඝනය කරන්න බැහැ. මේ පාස්කු ඉරිදා සිදුවීමෙන් පසුව ඒ අයට බැන වැදී තර්ජනයක් කර තිබෙනවා කියා ආරංචි නැද්ද.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා

අපිට එවැන්නක් දැනුම් දී නැහැ. මෙවැනි ඉල්ලීමක් තිබෙනවා නම් අපි සොයා බලනවා.

රවුෆ් හකීම් මහතා,

රජයේ උසස් ආයතනවල ඉන්න නිලධාරීන්ට විභාවලට පවා පෙනී සිටීමට අපහසු වී තිබෙනවා.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා

ස්ලීඩා ආයතනය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවා. දැන් ඒ අය සාරි ඇදගෙන එනවා. කිසිඳු ගැටළුවක් නැහැ. එතන පුහුණු ආයතනයක්. පුහුණුවේ දී විනය ගැන කතා කරන්නේ ්නැතිනම් එතනින් එහාට කතා කරන්න බැහැ.

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා,

චක්‍ර ලේඛය මේ වනවිට වෙනස් කරන්න කියා යෝජනාවක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් යෝජනා වී තිබෙනවාද.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා

ඒ සම්බන්ධයෙන් සංශෝධන කරගෙන යනවා. මෙතනට ගතහැකි සුදුසු දේ කුමක් ද කියා බලනවා. අපි එය වෙනස් කරන්න සූදානම්. අපි ඒ ගැන සලකා බලනවා.

රවී කරුණානායක මහතා,

අගමැති ලේකම් ජූනි 10 ඔබට ලිපියක් යොමුකර තිබෙනවා. අගමැතිවරයා තීරණය කර තිබෙනවා නිකුත්කර තිබෙන ලිපිය ගැන කටයුතු නොකළයුතු බව. ජනාධිපති සහ අගමැතිවරයා කියූ පසුව එය වෙනස් කරන්නේ කවුද. තනි තීන්දුවක් ගෙන තිබෙනවා මෙතන.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා

ඔය ලිපිය ආවා. චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙන විට එය ක්‍රියාත්මක කළයුතුු ආකාරයක් තිබෙනවා. අපි මේකට එකඟයි. යම් වෙනසක් කරන්න තිබෙනවා නම් වෙනස් කරන්න සූදානම්. මේ ගැන ජනාධිපති කාර්යාලයටත් යොමුකර තිබෙනවා. තනි තීන්දුවක් නොවෙයි මෙතන දී ගත්තේ. ඇමැතිවරයා ත් දන්නවා.

රවුෆ් හකීම් මහතා,

මෙය අත්හිටුවන්න කියා අගමැති කාර්යාලයෙන් කියා තිබෙනවා නේද.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා

අත්හිටුවන්න කියා නැහැ. රාජ්‍ය සේව්කයෙකුට යම් අසාධාරණයක් වෙනවා නම් කටයුතු කළයුතු ආකාරයක් තිබෙනවා.

සුමන්දිරන් මහතා,

ඕනම අයෙකුට මානව හිමිකම් කොමිසමට යන්න පුළුවන්.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා

යම් ආයකුට ප්‍රශ්නයක් තිබෙනවා නම් ආයතන ප්‍රධානියා හරහා අමාත්‍යාංශය දැනුවත් කළයුතු වෙනවා.

මහාචාර්ය ආශු මාරසිංහ මහතා,

ඔබට මේ ලිපිය ලැබී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග මොනවාද ?

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා

යම් අයෙකුට අසාධාරනයක් වෙලා තිබෙනවා නම් නිවැරැදි කරන්න අපි සූදානම්.

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා,

යම් අයෙකුට ප්‍රශ්නයක් තිබෙනවා නම් විසඳන්නේ කොහොමද ? යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් වහාම ශ්‍රේෂ්ඨාධිකරණයට යායුතු බවට නඩුවක් තිබෙනවා. මානව හිමිකම් කඩවීමක් ඇතිවූ පසුව මානව හිමිකම් කොමිසමට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. මාස තුනක කාලයක් තුළ එම පැමිණිලි බාර ගන්නවා. ඔබ කියන්නේ මේ මතයට වෙනස් දෙයක්.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා

ප්‍රශ්නයක් තිබෙනවා නම් රාජ්‍ය නිලධාරියෙකුට විසදා ගතයුතු ක්‍රමයක් තිබෙනවා. මෙහෙම ප්‍රශ්න තිබෙනවා නම් අපිව දැනුවත් කරන්න තිබුණා.

රවුෆ් හකීම් මහතා,

මුස්ලිම් කාන්තාවන්ට ප්‍රශ්න තිබෙනවා කියා ඔබට පැමිණිලි ආවේ නැද්ද.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා

එහෙම කිසිඳු පැමිණිල්ලක් ලැබී නැහැ.

සුමන්දිරන් මහතා,

සියලු ජනකොටස්වලට සාරි අදින්න කියා කියන්නේ කොහොමද

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා

අපිට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න පුළුවන්. අවශ්‍ය නම් මෙය නතර කරන්න අවශ්‍ය කටයුතු කරනවා.

සරත් ෆොන්සේකා මහතා,

මීට පෙර රජයේ සේවකයන්ට නිල ඇඳුමක් තිබිලා තියෙනවාද?

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා

තිබුණා. ඒ කාලයේ මැහුම් කුලී දීලා තිබෙනවා. මේ සියල්ල සොයා බලා අපි තීරණයක් ගත්තේ. නමුත් යම් වෙනසක් තිබෙනවා නම් අපි වෙනසක් කරන්න සූදානම්.

රවී කරුණානායක මහතා,

මේක අගමැතිවරයාගේ ලිපිය ලැබුණු පසුව වෙබ් අඩවියෙන් ගලවා තිබෙනවා.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා

ප්‍රශ්නයක් තිබෙන නිසා සහ ඇමැතිවරයා රටේ නොසිටි නිසා ප්‍රශ්නයක් ඇති නොාවන සේ අපි කටයුතු කර තිබෙනවා.

රවුෆ් හකීම් මහතා,

මුස්ලිම් කාන්තාවන්ගේ අයිතීන් කඩවීම වැළැක්වීම සඳහා පැහැදිලි නිවේදනයක් නිකුත් කළයුතු වෙනවා.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා

අපි රාජ්‍ය සේව්යට එනවිට බලන්නේ ජාතිය, ආගම නෙවෙයි. රාජ්‍ය සේව්කයෙක් ලෙස ඇදුමක් හෝ වෙනත් දේ ගැන නීති හදනවා හැරෙන්නට අපි එක් ජාතිකයක් විශේෂ සැලකීමක් කරන්නේ නැහැ.

සුමන්දිරන් මහතා,

එකම ප්‍රජාවක් අදින දේ අනෙක් අයට පටවන එක හොඳ නැහැ.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා

හමුදාවට එන අයට ජාතිය අනුව වැඩ කරන්නේ නැහැ. යම් වෙනසක් කරන්න හැකිනම් අපි ඒ ගැන සොයා බලනවා.

මහාචාර්ය ආශු මාරසිංහ මහතා,

රජයේ නිලධාරීන්ගේ ඇඳුම සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරනවාද. ඒ අය සුදුසු ඇඳුමක් අදිනවා. චක්‍ර ලේඛයක් පැමිණි විට ඒ ඇඳුම අදින්න කියන විට මානව හිමිකම් කඩ වෙන්නේ නැද්ද. සාමාන්‍ය සේවකයන් සේවයට බැදෙනවිට අදින දෙය ගැන තිබෙනවාද ? ඇතැම් ආයතනවල පිංතූර යොදා තිබෙනවා අදින විදිය කෙසේද කියා.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා

සේව්යට බඳවා ගන්නා විට ලිපියේ අදින විදිය ගැන සටහන් කර තිබෙනවා.

මහාචාර්ය ආශු මාරසිංහ මහතා,

අගමැති කාර්යාලයෙන් හැර වෙනත් තැනකින් ලිපියක් ලැබී තිබෙනවාද? කොණ්ඩා මොස්තර ගැන මෙහි සදහන් වෙනවාද. ?

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේක්ම් ජේ.ජේ රත්නසිරි මහතා

කොණ්ඩා මෝස්තරය සම්බන්ධයෙන් මෙහි සදහන් වෙන්නේ නැහැ. මම මේක සංස්ථා මණ්ඩලවලට නිකුත්කර නැහැ. අමාත්‍යාංශවලට පමණක් නිකුත්කර තිබෙනවා. රජයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු සියල්ලට චක්‍ර ලේඛ යොමුකරන අවස්ථා තිබෙනවා. නමුත් මෙය රාජ්‍ය සේව්යට පමණයි යොමුකර තිබෙන්නේ.

රවුෆ් හකීම් මහතා,

ආරක්ෂාව සම්බන්ධයෙන් නේද මේ චක්‍ර ලේඛ නිකුත් කරන්නේ. විදුලිබල මණ්ඩලයට මෙවැන්නක් කරන්න අමාරුයි.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා

අපි මේ ගැන සාකච්ඡා කරගෙන යනවා. අවශ්‍ය තීරණ ගන්න සූදානම්.

රවුෆ් හකීම් මහතා,

අපි බහු ජාතික බහු ආගමික රටක් මේ සම්බන්ධයෙන් සිතා බලා කටයුතු කරන්න.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා

අනිවාර්යයෙන්ම. ඒ ගැන සාකච්ඡා කරගෙන යනවා.

රවුෆ් හකීම් මහතා,

මෙය ව්‍යවස්ථාව උල්ලංඝනයක් වෙනවා.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා

අපි ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි හදනවිට එක් එක් අය වෙනුවෙන් කටයුතු කරන්නේ නැහැ. සියලු දෙනා වෙනුවෙන් එකම විදියට කටයුතු කරනවා.

ආනන්ද කුමාරසිරි මහතා,

මේ චක්‍ර ලේඛය මීට පෙර නිකුත් කළ චක්‍ර ලේකයෙන් ලොකු වෙනසක් සිදුව තිබෙනවා. මෙය කීවරක් සංශෝධනය වී තිබෙනවා.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා

යම් යම් වෙනස්කම් තිබෙනවා. ඒවා ඒ තත්ත්වයට අනුව ක්‍රියාත්මක කර තිබෙනවා. යම් යම් තත්ත්වයන්ට අනුව වෙනස් වෙන්න පුළුවන්. අවස්ථා කිහිපයක දී සංශෝධනය වී තිබෙනවා.

මහාචාර්ය ආශු මාරසිංහ මහතා,

මෙහි සදහන් වෙනවා රාජ්‍ය සේවකයන්ට වගේම සේවාලාභීන්ටත් මේ ඇඳුම් නියමකර තිබෙනවා. මේක විශාල ප්‍රශ්නයක්. මෙහි යම් යම් කරුණු තිබෙනවා.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා

චක්‍ර ලේඛය නිකුත් කර තිබෙන්නේ දිසාපතිවරුන්ට, අමාත්‍යාංශ ලේකම්වරුන්ටයි. ඒ අයට මෙහි සදහන් කරුණු තේරුම් ගන්න පුළුවන්.

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා,

මෙහි යම් වෙනසක් සිදුවිය යුතුයි කියා ඔබ පිළිගන්නවා. කැබිනට් මණ්ඩලයම මේ ගැන සාකච්ඡා කරනවා.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා

අවශ්‍ය පරිදි අපිට මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්.

සුමන්දිරන් මහතා,

මේක ඔබගේ නිලධාරින්ට තේරුම් ගන්න පුළුවන් කියනවා. නමුත් අපිට තේරුම් ගන්න නොහැකිද කියා කියන්නේ.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා

මේක රජයේ නිලධාරීන් වෙනුවෙන් නිකුත්කර තිබෙනවා.

එම්.ඒ සුමන්දිරන් මහතා,

මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසන් සභාවත් පිළිගෙන තිබෙනවා. මේ සියල්ල සේවාලාභීන්ට අයත් වෙනවා. නීතියට අනුව මානව හිමිකම් කොමිසම තීරනයක් ගෙන තිබෙනවා. නීතියෙන් ඒ පිළිබඳ තීන්දු තීරණ ගන්නවා.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා

මේ සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් කළා නම් අපි ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරනවා. මෙහි ව්‍යාකූල බවක් තිබුණා නම් විමසන්න තිබුණා.

ආශු මාරසිංහ මහතා,

මේ චක්‍ර ලේඛයේ සදහන් කරුණු වලට අමතරව සුදුසු ඇදුමක් අදින්න පුළුවන් කියා සදහන් වෙනවා නම් හොඳයි.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා

ඇත්තටම අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා.

Recommended For You

About the Author: Editor