‘ලෝක වැහි කුසලානේ’ ප‍්‍රසාද ලකුණු සටහනේ දැඩි විකෘතියක් ඇති වන ලකුණු

මේ දිනවල එංගලන්තයේ – වේල්සයේ පැවැත්වෙන 12 වන ලෝක කුසලානයට ක‍්‍රීඩා විචාරකයින් සහ බොහෝ පේ‍්‍රක්ෂකයින් දී ඇති නම වන්නේ ‘‘වැහි කුසලානය’’ යන්නයි. ඒ ලෝක කුසලාන ඉතිහායේ කිසිදා නොවූ විරූ ආකාරයෙන් මෙවර ලෝක කුසලානයට වර්ෂාවෙන් දැඩි බාධා සිදුව ඇති නිසාය.

ඒ අනුව ඊයේ (13) වන විට වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයෙන් අත්හැර දැමීමට සිදු වූ තරග ගණන 04කි. මෙය කිසිසේත් පහසුවෙන් බැහැර කළ නොහැකි කරුණක් වන්නේ මේ සමග ඇති වන ‘‘සම ලකුණු’’ තත්ත්වය පළමු වටයේ ප‍්‍රසාද ලකුණු සටහනට දැඩි බලපෑමක් සිදුකරන හෙයිනි. ඒ බව මේ වන විට ප‍්‍රසාද ලකුණු සටහන බලන විට පහසුවෙන් අවබෝධ වේ.

ඊයේ ඉන්දියාව සහ නවසීලන්තය අතර නොටිංහැම්හි ට්‍රෙන්ට්බ්‍රිජ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබු 18 වැනි තරගයත් අත්හැර ද වර්ෂාව හේතුවෙන් දැමීමට සිදු විය.

ඉන්දිය – නවසීලන්ත තරගය ඊයේ ශ‍්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 03.00ට තරගය ආරම්භ වීමට නියමිතව තිබූණත් රාත්‍රි 7.30 වනවිටත් කාසියේ වාසිය උරගා බැලීමට හෝ අවස්ථාවක් නොතබාව වර්ෂාව පතිත විය. ඒ හේතුවෙන් තරගය අත්හැර දැමීමට විනිසුරුවෝ කටයුතු කළහ.
මේ සමගින් දෙපිලටම ප්‍රසාද ලකුණක් බැගින් හිමිවූ අතර නවසීලන්තය තවමත් අපරාජිතව පෙරමුණේ පසුවේ. සිවුවැනි ස්ථානයේ පසුවූ ඉන්දියා ඊයේ හිමිවූ ප්‍රසාද ලකුණත් සමගින් තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

ප‍්‍රසාද ලකුණු සටහන: ජූනි 13 වන දාට

Recommended For You

About the Author: Editor