හප්පා පලාගිය රිය අනතුරුවලින් මිය ගිය අයට ගෙවන වන්දි ඉහළට

වාහන රක්ෂණ සමාගම් සිය තුන්වැනි පාර්ශ්වයේ රක්ෂණවලින් ලබන ආදායමෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව වෙත ප්‍රදාන කෙරෙන 1% මුදල මේ වන විට 2% දක්වා වැඩිකර ඇති බැවින් ඉදිරියේදි හප්පා පලාගිය රිය අනතරුවලින් මිය ගිය හා ආබාධිත වුවන් සදහා ලබාදෙන වන්දි මුදලද වැඩි කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අද (14)මහවැලි කේන්ද්‍රයේදී ‘‘මහමග අනතුරු අවම දේශයක්” යටතේ පැවැති වැඩ සටහනේදි හදුනානොගත් අනතුරුවලින් හෙවත් හප්පා පලාගිය රිය අනතුරුවලින් මිය ගිය හා ආබාධිත වු 27දෙනෙකු සදහා රුපියල් ලක්ෂ 40 වන්දි මුදල් පරිත්‍යාග කළ අවස්ථාවේදිය.

උත්සව සභාව අමතමින් අමාත්‍ය වරයා පැවසුවේ මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව ඉදිරියේදී කොමිසම් සභාවක් බවට පත්කිරීමද පියවර ගන්නා බවයි. ජාතික සභාවේ කාර්යය භාරය පුළුල් කිරීම උදෙසා එම පියවර ගන්නා බවත් ලබන අඟහරුවාදා දින පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට එහි පත්‍රිකාව ඉදිරිපත් කරන බවත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Recommended For You

About the Author: Editor