
ශ්‍රී ලංකාවේ උපාධි ප්‍රධානය කරනු ලබන ප්‍රමුඛතම රාජ්‍ය නොවන අධ්‍යාපන ආයතනය වන SLIIT සිය උසස් තත්වයේ පශ්චාත් උපාධි පාඨමාලා වැඩසටහන් පිළිබඳව පශ්චාත් උපාධි අපේක්ෂකයන්ට සහ ඒ පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ට විවෘත දින තොරතුරු සැසියක් පවත්වනු ලබයි.
SLIIT උපාධි අධ්‍යයන සහ පර්යේෂණ පීඨය මගින් අනාගත අයදුම්කරුවන් සඳහා ආයතනය මගින් පවත්වනු ලබන ශ්රාස්ත්රපති උපාධි වැඩසටහන් පිළිබඳ මේ විවෘත තොරතුරු සැසිය පැවැත්වේ.
MSc, MBA, MPhil සහ PhD වැඩසටහන් පිළිබඳ මේ විවෘත දිනය සහ තොරතුරු සැසිය ජුනි 15 වැනිදා කොල්ලුපිටියේ ලංකා බැංකු මර්චන්ට් කුලුනේ 15 වැනි මහලේ පිහිටි SLIIT මෙට්‍රෝ කැම්පස් හිදී පැවැත්වේ. එහි දී පෙ: ව 9 සිට ප: ව 5 දක්වා පැවැත්වෙන වැඩසටනහන තුළදී අනාගත ශිෂ්‍යන්ට පිරිනමනු ලබන පාඨමාලා සහ ඔවුන්ට උසස් අධ්‍යාපනය පිළිබඳව ඇති ගැටලු සඳහා විසඳුම් ලබා දීම සිදු කෙරේ.