
2019 මැයි මාසයේදී නිෂ්පාදන ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පසුගිය අපේ‍්‍රල් මාසයට සාපේක්ෂව සියයට 9.7ක ඉහළ යාමක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙනවා.
රෙදිපිළි සහ ඇගළුම් නිෂ්පාදන අංශයන්හි ක්‍රියාකාරකම් සහ නව ඇනවුම්වල සිදුවූ සැලකිය යුතු ඉහළ යාම මැයි මාසයේ වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූ බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙනවා.