
පසුගිය අප්‍රේල් 22 වැනිදා ඇඳිරිනීතිය බල පැවැත්වෙන අවස්ථාවේදී කල්කුඩා ප්‍රදේශයේ හෝටලයකදී සැකසහිත අරාබි ජාතිකයින් දෙදෙනකු හමුවී සාකච්ඡුා කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර H.L.A.M හිස්බුල්ලා මහතා අද (15) ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාසයට කැඳවා ඇතැයි වාර්තා වේ.
පාස්කු ප්‍රහාරයෙන් පසු දින, එනම් 22 වැනිදා රාත්‍රී 10ට පමණ ඇඳිරිනීතිය බල පැවැත්වෙන අවස්ථවේ හිස්බුල්ලා මහතා කල්කුඩා ප්‍රදේශයේ හෝටලයකදී සැක සහිත ලෙස අරාබි ජාතිකයන් දෙදෙනෙකු හමුවී සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන මාධ්‍ය හරහා විකාශය විකාශනය කරනු ලැබ තිබුණා.
මෙම දර්ශන සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මේ වන විට විමර්ශන සිදුකරන අතර ඒ පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා හිටපු ආණ්ඩුකාරවරයා ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාසයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.