
පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 7870 ක් ලියාපදිංචිවී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් බී එම් එම් බාලසූරිය මහතා සඳහන් කළා.
ඒ අතර බත් දන්සැල් 864 ක් ලියාපදිංචිවී ඇති බව ද බාලසූරිය මහතා හෙළි කළා.
දන්සල් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීමට පියවර ගෙන තිබෙන බවත් ඒවා අධීක්ෂණ කටයුතු ද අඛණ්ඩව සිදුකිරීම පියවර ගන්නා බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.