ආණ්ඩුව ජනපතිවරණයෙන් පැන යන්න අශිෂ්ට ප්‍රයෝග ගනිමින් සිටිනවා – ඩලස් අලහප්පෙරුම

ආණ්ඩුවට ප්‍රජාත්‍රන්තවාදය හකුලන්න ඉඩදෙන්නේ නෑ / ගෝඨාභය රාජපක්ෂ මහතා දඩයම් කරන්න ව්‍යාපෘති ආරම්භ කරලා / ජාතිවාදී ආගම්වාදී කලකෝලහාල රටේ ඇති කරල රටේ අස්ථාවර තත්ත්වයක් ඇති කරන්න උත්සාහ කරනවා / ජනාධිපතිවරණය කල් දැමීමේ හැකියාවක් ආණ්ඩුවට කිසිසේත්ම නැහැ/ අද සිට දින 154ට පස්සේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුමයි/ ලිච්ඡවී පාලනය සංහිඳියාව ගැන කියපු මේ ආණ්ඩුව ගැන ජනතාව ඉන්නේ කලකිරිලා

ආණ්ඩුවට ප්‍රජාත්‍රන්තවාදය හකුලන්න ඉඩදෙන්නේ නැතැයි ද ජනාධිපතිවරණය කල් දැමීමේ හැකියාවක් ආණ්ඩුවට කිසිසේත්ම නොමැති බව ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කියයි.

අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළේ අද (17) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ ද සඳහන් කළේය.

ආණ්ඩුව ජනාධිපතිවරණයේන් පැනයන්න අශිෂ්ට ප්‍රයෝග ගනිමින් සිටිනවා. ආණ්ඩුව බරපතළ ලෙස ගිලන් වෙලා, දේශපාලන වශයෙන් බුංවත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව මැතිවරණ වලට බයයි. පළාත් පාලන මැතිවරණය කල් දැම්මේත්,පළාත් සභා මැතිවරණය දින නියමයක් නැතිව කල්දාන්නේත් මේ නිසයි.

නමුත් ප්‍රධාන ප්‍රතිවාදියා විදිහට ඔවුන් සලකන ගෝඨාභය රාජපක්ෂ මහතා දඩයම් කරන්න ව්‍යාපෘති ආරම්භ කරල තියෙන්නෙ. ඒ අතරේ ජනමත විචාරණ ඝෝෂාවක් ඇති කරනවා. විධායක ජනාධිපති ධූරය ජනාධිපති ධූරය අහෝසි ධුරය අහෝසි කිරීමේ යෝජනාව නැවත ගේන්න හදනවා. ඒ වගේම වගේම ජාතිවාදී ආගම්වාදී කලකෝලහාල රටේ ඇති කරල රටේ අස්ථාවර තත්ත්වයක් ඇති කරන්න උත්සාහ කරනවා.

මැතිවරණ කියන්නේ ප්‍රජාත්‍රන්තවාදයේ මිත්‍රයායි. ත්‍රස්තවාදය කියන්නේ ප්‍රජාත්‍රන්තවාදයේ පරම හතුරා. මේ ආණ්ඩුවට ප්‍රජාත්‍රන්තවාදය හකුලන්න ඉඩදෙන්නේ නැහැ. ජනාධිපතිවරණය කල් දැමීමේ හැකියාවක් ආණ්ඩුවට කිසිසේත්ම නැහැ.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිශ්චිත කාල වකවානු තිබෙනවා. ජනාධිපතිවරණ  පැවැත්වීමේ අවසාන දිනය දෙසැම්බර් නමයයි. නමුත් ජනාධිපතිවරණය දෙසැම්බර් 9 ට පෙර පැවැත්විය යුතු තත්ත්වයක් ඇතිවෙලා. මැතිවරණ කොමසාරිස්වරයා අතට සාමාන්‍යපෙළ විභාගය කාලසටහන ලැබිලා තියෙනවා. දෙසැම්බර් දෙවැනිදා විභාගය ආරම්භ කෙරෙනවා. විභාගය ආරම්භ වීමට දින තුනකට පෙර විභාග ශාලා භාර දිය යුතුයි.

සියලු කරුණු සලකා බැලීමේදී මැතිවරණය පැවැත්වීමට සිදු වෙන්නේ නොවැම්බර් මස 23 වෙනිදායි. ඒ කියන්නේ අද සිට දින 154ට පස්සේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුමයි. ඒ කියන්නේ දින 155ට පස්සේ සිටින්නේ අලුත් ජනාධිපතිවරයෙක්. ආණ්ඩුවට මේකෙන් පැනයන්න අවස්ථාවක් නැහැ.

දින 100න් අලූත් රටක්, මාස 60 න් අලුත්ට රටක්, වැනි සටන් පාඨ නිසා දැන්ක් ආණ්ඩුව දේශපාලනික ගිලන් වෙලා අවසන්. දැන් තියෙන්නෙ අලු වෙච්ච රටක්.

මීට මාස 60කට පෙර ලෝකෙ ආරක්ෂිතම නගරය. ලෝකේ දර්ශනීයම නගරය. අපේ කොළඹ නගරයයි. නැගී එන කොටස් වෙළඳපොළ විශිෂ්ටතම ගමනාන්තය වුණේත් අපේ රටයි. අද මේ සියල්ල කණපිට හැරිලා. ලිච්ඡවී පාලනය සංහිඳියාව ගැන කියපු මේ ආණ්ඩුව ගැන ජනතාව ඉන්නේ කලකිරිලා.

225ම එකයි ආදී සටන් පාඨ මගින් දැන් පරණ හඬම ආයෙත් මතුවෙමින් තිබෙනවා. මේවට රැවටෙන්න එපා. දේශපාලන විද්‍යාවට අනුව එකම දෙය නැවත නැවතත් සිදුවෙනවා කියන්නේ ඛේදවාචකයක් හෝ විගඩමක්.

Recommended For You

About the Author: Editor