
පසුගිය දා අමාත්‍ය පදවිවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමැතිවරු සියලූ දෙනාම හෙට (18) යළි ඇමති පදවිවල දිවුරුම් දෙනු ඇතැයි මුස්ලිම් ඇමතිවරුන්ට සම්බන්ධ විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.
මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡවක් හෙට පෙරවරුවේ ඒ.එච්.එම් ෆවුසි මහතාගේ නිවසේදී පැවැත්වෙන අතර එම සාකච්ඡවෙන් පසු බොහෝ දුරට මුස්ලිම් ඇමැතිවරු අදාළ ඇමැති පදවිවල යළි දිවුරුම් දෙනු ඇතැයි සඳහන් වේ.
යළි අමාත්‍ය පදවි භාර ගන්නා ලෙස මහා නාහිමිවරුන් ද ප්රමුඛ ආගමික නායකයින් සේම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස, ඇතුළු දේශපාලන ප්‍රබලයින් ද පසුගිය දිනවල මුස්ලිම් ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටීම මේ තීරණය ගැනීම සඳහා ප්‍රබල හේතුවක් වූ බව වෙත අදහස් දැක්වූ හිටපු මුස්ලිම් ඇමැතිවරයෙක් සඳහන් කළේය.