
ජනාධිපතිවරණය නොවැම්බර් මස 23 වැනිදා පැවැත්වෙනු ඇතැයි එ.ජ.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කියයි.
අද පැවති මාධ්‍ය හමුවකදී අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අලහප්පෙරුම මහතා,
ජනාධිපතිවරණය කල් දැමීමේ හැකියාවක් ආණ්ඩුවට කිසිසේත්ම නැහැ. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිශ්චිත කාල වකවානු තිබෙනවා. ජනාධිපතිවරණ පැවැත්වීමේ අවසාන දිනය දෙසැම්බර් නමයයි. නමුත් ජනාධිපතිවරණය දෙසැම්බර් 9 ට පෙර පැවැත්විය යුතු තත්ත්වයක් ඇතිවෙලා. මැතිවරණ කොමසාරිස්වරයා අතට සාමාන්‍යපෙළ විභාගය කාලසටහන ලැබිලා තියෙනවා. දෙසැම්බර් දෙවැනිදා විභාගය ආරම්භ කෙරෙනවා. විභාගය ආරම්භ වීමට දින තුනකට පෙර විභාග ශාලා භාර දිය යුතුයි. සියලු කරුණු සලකා බැලීමේදී මැතිවරණය පැවැත්වීමට සිදු වෙන්නේ නොවැම්බර් මස 23 වෙනිදායි. ඒ කියන්නේ අද සිට දින 154ට පස්සේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුමයි. ඒ කියන්නේ දින 155ට පස්සේ සිටින්නේ අලුත් ජනාධිපතිවරයෙක්.