
2020 ජනපති අපේක්ෂකත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉල්ලා සිටීමත් සමග නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සඳහා වන අත – පොහොට්ටු සාකච්ඡා බිඳ වැටී තිබෙනවා.
මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැඩි ස්ථාවරය වී ඇත්තේ ජනාධිපති හෝ අගමැති අපේක්ෂකත්වය කිසිසේත් වෙනත් පක්ෂයකට ලබා නොදෙන බවත් අවශ්‍ය නම් මැතිවරණවලට තරග කර එම පදවි දිනා ගන්නා ලෙසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර 06 වන සාකච්ඡුා වටය අද පැවැත්වීමට නියමිතව තිබුණත් එය ද අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.