
ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් තම ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරනවා.
36 හැවිදිරි තෙදරු මවක වන ඇය තම දරුවන් සමග වඩාත් වැඩි කාලයක් ගත කිරීමට අවශ්‍ය බව පවසමින් මෙම තීන්දුව ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර තම මාධ්‍ය ප්‍රකාශිකාව ගැන වර්ණනාත්මක මුඛයෙන් කතා කරන ඇමෙරිකානු ජනපතිවරයා කියන්නේ ඇය ශූරියකු ලෙස හැඳින්විය හැකි බවයි.
සාරා ගේ ඉවත් වීමෙන් හිස් වන ධුරය සඳහා පත් කරන්නේ කවුදැයි මෙතෙක් අනාවරණය කර නැහැ.
ට්‍රම්ප්ගේ සමීප නිලධාරීන් කිහිප දෙනෙක්ම පසුගිය කාලයේ තම තනතුරුවලින් ඉල්ලා අස් වීම විශේෂත්වයක්.