දැඩි නියඟය හමුවේ තමිල්නාඩුවේ උග‍්‍ර ජල අර්බුදයක්

ශ‍්‍රී ලංකාවේ නිරිතදිග සහ බස්නාහිර පළාත්වලට අධික වර්ෂාවක් ලැබෙන නිරිතදිග මෝසම් වර්ෂාව මේ වන විට සක‍්‍රීය වෙමින් තිබුණත් මන්නාරම ඇතුළු වන්නි පළාත්වල දැඩි වියළි කාලගුණයක්, නියඟයක් පවතින බව බොහෝ දෙනකුට අමතක වෙලා තිබෙනවා. ඇතැම් විට පශ්චාත් පාස්කු උණුසුම තවමත් නොනිමී තිබෙන නිසා එය සිදු වුණා විය හැකියි.

ලංකාවේ ගිිනිකොණදිග ප‍්‍රදේශයට (මන්නාරම) මේ ආකාරයෙන් දැඩි නියං තත්ත්වයක් ඇති වන්නේ මෙම නිරිතදිග මෝසම් වර්ෂා සමය වන විට එය සුළං මුවාවේ පිහිටි නිසා බවයි කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙන්නේ.

මේ වන විට මන්නාරම මුහුණ දෙන දැඩි වියළි කාලගුණයට සමාන තත්ත්වයට මන්නාරමට දේශගුණිකව අති සමීප ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයත් මුහුණ දෙමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව තමිල්නාඩු ප‍්‍රාන්තයේ විශාල ප‍්‍රදේශයක් උග‍්‍ර පානීය ජල ගැටලූවකට මුහුණ දී සිටිනවා. දීර්ඝ කාලයක් පුරා ප‍්‍රමාණවත් පරිදි වැසි නොලැබී තිබියදී වුණත් ජනතාවගේ ජල අවශ්‍ය විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය කියන්නේ.

මේ තත්ත්වය හමුවේ තමිල්නාඩුවේ ඇතැම් ප‍්‍රදේශවල ජනතාව අතර ජල ටැංකි වෙන්කරවා ගැනීමේදී ගැටුම් ද නිතර නිතර වාර්තා වන අතර නීතිවිරෝධීව ජලය ලබාගැනීමේ සිද්ධීන් ද වාර්තාවී තිබෙනවා. මෙම සියලූ තත්ත්වයන් හේතුවෙන් ජල සැපයුම විසන්ධි කිරීමට ද බලධාරින් කටයුතු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

Recommended For You

About the Author: Editor