නාමල් යුග දිවියට: මුලින්ම කිව්වේ මෝදිට

ලබන සැප්තැම්බර් මස 17වැනිදා අපට තවත් රාජකීය විවාහයක අසිරිය දැකබලා ගැනීමට ලැබෙන බව නිල වශයෙන් වාර්තා වෙනවා. ඒ මහින්ද – ශිරන්ති යුවළගේ දෙටුපුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙයි.

වාර්තා වන ආකාරය නාමල් විවාහ වෙන්න යන්නේ මෙරට සංචාරක හෝටල් ගණනාවක් හිමි ප්‍රකට ව්‍යාපාරිකවකු වන වන තිලක් වීරසිංහ සහ කලක් මෙරට ධාවන ශූරියයක වූ අරුණි වික්‍රමරත්න මහත්මියගේ එකම දියණිය සමගයි.

මේ විවාහය ගැන පුවත ප‍්‍රසිද්ධ වීමේ තවත් සුවිශේෂත්වයක් තිබෙනවා. ඒ නාමල් මේ විශේෂ පුවත මුලින්ම කියන්නේ පසුගිය දා මෙරට නිල සංචාරයක නිරත වූ නරේන්ද්‍ර මෝදි මහතාටයි. මෙහි තවත් විශේෂත්වයක් තිබෙනවා. ඒ සැප්තැම්බර් 17යනු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ උපන් දවසයි.

Recommended For You

About the Author: Editor