ප‍්‍රවීණ මාධ්‍යවේදී කුසල් පෙරේරා දඩයමට එරෙහි වෙමු

මාධ්‍යවේදී කුසල් පෙරේරාට එරෙහිව පොලිස් සංවිධානාත්මක අපරාධ අංශය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ඉදිරිපත් කිරීම සම්බන්ධව විද්වතුන් කලාකරුවන් ඇතුළු වෘත්තීය ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරමින් සිවිල් සමාජ ක්‍රියාකාරීන් විරෝධය පළකර සිටියි.

ඒ නියෝජනය කරමින් නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල විසින් නිවේදනයක් නිකුත් කර ඇති අතර එය පහත දැක්වෙයි.

“ඬේලි මිරර් පුවත්පතට වසර කිහිපයක් තිස්සේ සෑම සිකුරාදාවකම දේශපාලන විග‍්‍රයක් ලියන ප‍්‍රවීණ මාධ්‍යවේදී කුසල් පෙරේරාට විරුද්ධව කොළඹ මහේස්ත්‍රාත් උසාවියට සංවිධානාත්මක අපරාධ අංශය විසින් චෝදනා ඉදිරිපත් කර ඇතැයි අපට දැනගන්නට ලැබුණි. එය සම්බන්ධව පසුගිය සිකුරාදා පොලිස් නිලධාරීන් ඬේලි මිරර් පුවත්පතේ කර්තෘගෙන් ප්‍රකාශයක් ගැනීමට ගිය බවද දැනගන්නට ලැබුණි.

දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව කුසල් පෙරේරාවිසින් පාස්කු ඉරිදා අපරාධවලින් පසු තත්වයන් සම්බන්ධව මැයි 17 දින ලියූ ලිපිය යොදාගෙන, ඔහු ආගම්වාදය අවුස්සන බවට පැමිණිල්ලක් මත 2007 අංක 57 දරන සිවිල් හා දේශපාලන අයිතීන් සම්බන්ධ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය නම් පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගැනීමට බොහෝදුරට ඉඩකඩ ඇත.

මෙය බරපතල තත්වයකි. කුසල් පෙරේරා තම මාධ්‍ය ජීවිතය පුරාම ජාතිවාදයට, වර්ගවාදයට, අන්තවාදයට විරුද්ධව ලියූ කියූ, එවෙනුවෙන් ප්රසිද්ධියේ පෙනී සිටි පුද්ගලයෙකි. ඔහුව ජාත්යන්තරව හඳුනන්නේත් එලෙසිනි. එසේම ඉතා ස්වාධීන මත දරන දේශපාලන විචාරකයෙකු ලෙස ජාතිකවත්, ජාත්‍යන්තර මට්ටමිනුත් ඔහු ප්රකට වී තිබේ. අප දන්නා තරමින් මේ රටේ ප‍්‍රධාන පුවත්පත්වලට සිංහල සහ ඉංග්රිසි බසින් දායක වන එකම මාධ්‍යවේදියා ඔහුය. ඔහු ඉරිදා ලක්බිම පුවත්පතේද නිත්‍ය දේශපාලන විචාරකයෙකි. ලංකාදීප පුවත්පතේ ගුරුදා විග්‍රහයටත් ඔහුගෙන් ලිපි සැපයේ. ජාත්‍යන්තර මාධ්‍ය පවා ඔහුගෙන් නිතර අදහස් විමසන්නේ ඔහු ඉතා ස්වාධීන දේශපාලන විචාරකයෙකු බවට ඇති පිළිගැනීම නිසාය.

මෙය කිසිවෙකුගේ හෝ කිසියම් පිරිසකගේ පටු උවමනාවක් හේතුවෙන්, කුසල් පෙරේරා නිහඬ කරවීමට දරන නීච උත්සාහයක් බව ඉතා පැහැදිලිය. එයට ඉඩ දීම ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කිරීමක් පමණක් නොව, මේ සමාජයේ නිදහස් ස්වාධීන මත ප්රකාශ කිරීමට එරෙහිව ගන්නා සාහසික පියවරක් වන්නේය. එය ප්‍රජාතන්ත්‍රවාදයේ මූළික සාරධර්මයක් කටුගා දැමීමක් වශයෙන් මුලු ජන සමාජයටම ඉතාම වැරදි පූර්වාදර්ශයක් සැපයීමක් වනු ඇත.

මේ සියලු තත්ව සළකා බලා කුසල් පෙරේරාට එරෙහි මෙම ක්රියාමාර්ගය අත්හිටුවීමට වහාම මැදිහත් වන මෙන් අපි ඔබෙන් ස්තුතිපූර්වකව ඉල්ලා සිටිමු.”

Parakrama Niriella, Dramatist

Wijayananda Jayaweera, Former Director Communication UNESCO

Dr.Sunil Wijesiriwardena, Lecturer and Researcher

Prof.Arjuna Parakrama, Senior Professor, Centre for study of Human rights, University, Peradeniya

Dr.Nirmal Ranjith Devasiri, Senior Lecturer

Prof.Liyanage Amarakeerthi, Professor, Dept of Sinhala, University of Peradeniya

Victor Ivan, Senior Journalist

Asoka Handagama, Film Director

Prasanna Vithanage, Film Director

Sudath Mahadivulwewa. Lecturer and Film Director

Vimukthi Jayasundara, Film Director

Ravindra Guruge, Film and TV Producer, Editor

M.Safeer, Dramatist

Anton Marcus, Trade Union Leader

Kumari Welagedara, Researcher and Social Activist

Selvaraj Leelawathy, Performing Artist

Rasaiah Logananthan, Performing Artist

Jeevanie Kariyawasam: Attorney-at-Law

Rathnasiri Paranavithana, Dramatist & Writer

Prof. Sasanka Perera – South Asian University, New Delhi

Thiyagaraja Waradas – Senior Lecturer, University of Colombo

Omar Rajarathnam – Communication Specialist

Vishnu Vasu – Musician

Philip Shantha – Journalist

Damith Chandimal – Social Activist

Dr. Chamindra Weerawardhana

Aadhil Ali Sabry – Journalist

Kalpana Ambrose – Writer

Chameera Dewantha – Activist

Anushka Indrasiri – Foreign University Student

Pujika Rathnayake – Concerned Citizen

Chamal Polwattage – Writer

Ishan Jalil – Human Rights Activist

Kaushalya Kumarasinghe – Writer

Asela Ekanayake – Banker

Sharni jayawardhana – Media Activist

Kelum Shivantha, Editor – Sri Lanka Mirror

Ashra Wickramathilaka – Researcher

Dr. Harini amarasiriya – Lecturer – Open University

Vidura Prabath Munasinghe (Attorney-at- Law) – Senior Researcher, Law & Society

Sumudu Guruge – Freelance researcher / Writer / Composer / Documentary film maker

Vinyya Ariyarathna – Medical Doctor

Ajith Perakum Jayasinghe – Editor, Praja.lk

Athula Pathirana – Director and Actor

Kanishka Guluwita – Urban Planner (Australia)

Maala Gabriel – Retired State Servant at UDA

Janaka Bandara – Fashion Designer

Dinushi Samarasekara – Architect

Deva Sanjeev – Digital Marketer

Anuradhi Perera – Independent Researcher

Paba Deshapriya – Social Activist

Priyanjan Suresh de Silva – Journalist

Malith Hegoda – Film Director

Rathnasiri Paranavithana, Dramatist & Writer

Malaka Dewapriya – Film Maker and Artist)

Anusha Sivalingam – Writer

Kaushalya Herath – PhD Student)

Saman Kariyakarawana – University Lecturer

Kavindya Tennakoon, Educator / MA Candidate, Stanford

Deanne Uyangoda – Attorney-at-Law

Subha Wijesiriwardena

Mohammed Infaz – Free Media Movement

Suchith Abeyewickreme – Concerned Citizen

Shanika Jayasekara -Journalist

Viduranga Tennakoon – Concerned Citizen

Sanjani Liyanage – Undergraduate, University of Moratuwa

Krishan Siriwardane – Media Researcher

Nirmani Liyanage – Senior Project Manager and Social Researcher

Asanka Senadeera – Researcher

Professor Sasanka Perera – South Asian University, New Delhi

Thiagarajah handouts – Senior Lecturer , University of Colombo

Omar Rajaratnam – Communications Specialist

Vishnu Vasu – musician

St. Philip – Journalist

Damith Chandimal – Social Actives

Lawyers life Kariyawasam

Dr. Chamindra Weerawardhana

Ādil Ali Sabri – Journalist

Thushal Withanage – Editor

Ambrose thought – writer

Chameera Second trial – Social active

Anushka Indrasara – External Foreign University Students

Renowned Ratnayake Alert The Citizen

Chamal polvattagē – Writer

Jalil backside – Human Rights Action

Kumarasingha ingenuity – Writer

Asela Ekanayake – Bank Officer

Sharni Jayawardena – media activist

Kelum Shivantha – Editor , Sri Lanka Mirror

Allied Wickramatilake – Researcher

Dr. Harini Amarasuriya – Lecturer, Open University of Sri Lanka

Counsel Vidura Prabath Munasinghe – Senior Researcher The Law and Society Trust

Smooth Guruge – Independent Researcher , Writer , Musician, documentary film director

Dr. Wing Ariyarathne

Parakum Ajith Jayasinghe – Editor , Praja.lk

Athula Pathirana – Director and actor

Kanishka guluviṭa Urban Designer (Australia)

Gabriel series – former state employees Urban Development Authority

Janaka Bandara – Clothing designers

Dinūṣi Samarasekera – Architect

Let Sanjeev Digital – Partner

Anuradhi Perera – Independent Independent research

Paba Deshappriya – Social activist

Priyanjan Suresh de Silva – Journalist

Malith Hegoda – Film Director

Rathnasiri Paranavithana – actor and writer

Malaka Dewapriya – Film director and actor

Anusha Sivalingam – Writer

Kaushalya Herath – doctoral candidate

Saman DFKariyakarawana – University Lecturer

Kavindya Tennekone – Educator / Masters degree candidate, Stanford

Attorney Diana nominated

ELT Wijesiriwardane

Mohamed Infaaz – FMM

Index Abeywickreme – Citizens are concerned

Shanika Jayasekara – Journalist

Viduranga Tennekone – Citizens are concerned

Saṁjāni Liyanage – Undergraduate, University of Moratuwa

Design Liyanage – Senior Project Manager and Social Researcher

Krishan Siriwardena – Communication Researcher

Asanka Senadeera – Researcher

Recommended For You

About the Author: Editor