
පාරිභෝගික සේවා වැඩිදියුණු කිරීම සඳහා CEB CARE නම් මෘදුකංගය හඳුන්වාදීම විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු වුණා.
ලංකා විදුලිබල මණ්ඩලයට වසර 50 ක් සපිරීම වෙනුවෙනුයි මෙය හඳුන්වා දීම සිදු වුණේ.
පාරිභෝගික සේවාවන් කාර්යක්ෂමව ලබාදීම සඳහා විදුලි බිද වැටීම්, පැමිණිලි කිරීම්, සැලසුම් කළ විදුලි ඇණහිටවීම්ල බිල්පත් හිඟ මුදල් ගෙවීම් ආදී තොරතුරු ලබා ගැනීමට මෙම ඇප් එක මගින් පහසුකම් සැලසෙනවා.
ජංගම දුරකතනය මගින් සී ඊ බී කෙයාර් නම් මෙම මෘදුකාංගය බාගත කර ගැනීමට හැකියි. විදුලි බිල්පතේ සඳහන් ගිණුම් අංකය සහ පරිශ්‍ර අංකය භාවිත කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ තොරතුරු පද්ධතියේ ලියාපදිංචිවීම සිදුකළ යුතුයි.