
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් එජාප කණ්ඩායම් රැස්වීමේදී එජාපයේ ජනපති අපේක්ෂකයා ගැන කිසිවක් කතා නොවූ බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. රංජන් රාමනායක මහතා මෙසේද සඳහන් කළේය.
‘‘රංගේ බණ්ඩාර මන්ත්‍රීතුමා අගමැතිතුමාගෙන් ඇහුවා එක් එක්කෙනා එක එක තැන එජාපයේ ජනපති අපේක්ෂයා ගැන විවිධ නම් කියනවා. ඇත්ත මොකක්ද ?’’ කියලා.
එතකොට අගමැතිතුමා කිව්වේ ‘‘තාම ජනාධිපතිවරණයක් නිවේදනය කරලා නැහැ. ඒ නිසා කිසිම කෙනෙක්ගේ නමක් කියන්න හදිසි වෙන්න එපා කියලයි. 2015 දී දුන්න පොරොන්දු ඉටු කිරීමට පියවර ගන්නා ලෙසයි අගමැතිතුමා අපෙන් ඉල්ලා සිටියේ ’’