
පසුගිය දා අමාත්‍ය පදවිවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් අද (18) සවස පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡවක් පවත්වා ඇති අතර එහිදී යළි අමාත්‍ය පදවිවල දිව්රුම් දීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ ඇතැයි ද වාර්තා වේ.
මෙම එකඟතාව අනුව යළි අමාත්‍යධූරවල දිව්රුම්දීම පිළිබඳ අවසන් තීරණය ගැනීම ඒ ඒ පක්ෂවල නායකත්වයට පැවරීමට තීරණය වී ඇත.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කබීර් හෂීම් සහ එම්.එච්.එම් හලීම් හෙට දිනයේදී යළි අමාත්‍ය පදවිවල බොහෝ විට දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වේ.
හිටපු අමාත්‍ය රාවුෆ් හකීම් මහතා මේ සම්බන්ධයෙන් අද (18) රාත්‍රීයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ උත්තරීතර මණ්ඩලයේදී අවසන් තීරණයක් ගනු ඇතැයි වාර්තා වේ.
රිෂාඞ් බදුර්දීන් මහතා බ්‍රහස්පතින්දා තම අවසන් තීරණය දැනුම් දීමට නියමිතය.