පාස්කු ඉරිදා කාරක සභාවට කැඳවන පුද්ගලයින් තීරණය කිරීමේ බලය නියෝජ්‍ය කතානායකට

පාස්කු ඉරිදා කාරක සභාවෙන් ජාතික ආරක්ෂාවට හෝ බුද්ධි අංශවලට අගතියක් නොකරන බවට එජාපයෙන් ජනපතිට සහතිකයක්

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ නියෝජිතයින් සහ කථානායක කරූ ජයසූරිය මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත බව කතානායක මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.

කාරක සභාවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බවයි කතානායක මාධ්‍ය ඒකකය වැඩි දුරටත් පවසන්නේ.

මේ අතර කාරක සභාව හමුවට කැඳවන පුද්ගලයින් සම්බන්ධයෙන් මින් ඉදිරියට තීරණය කරන්නේ තමන් බව එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි සඳහන් කරනවා.

කමිටුවේ අනෙකුත් සාමාජිකයින් විසින් නිර්දේශ කරන නම් සලකා බලා අදාළ කැඳවීම් එම කාරක සභාවේ මූලික අරමුණුවලට ගැළපෙන්නේද නැද්ද සම්බන්ධයෙන් නිගමනය කර අවසන් තීරණය ගන්නා බවත් ඉදිරියට මෙම කාරක සභාව හමුවට කැඳවීමට අවශ්‍ය පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව මේ වනවිට තමන් කමිටුවෙන් ඉල්ලා ඇති බවත් ආනන්ද කුමාරසිරි මහතා වැඩි දුරටත් සඳහන් කළා.

මේ අතර වෙත වාර්තා වන්නේ පාස්කු ඉරිදා කාරක සභාවේ කටයුතු ජාතික ආරක්ෂාවට සහ බුද්ධි අංශ කටයුතුවලට බාධාකාරී නොවන අයුරින් පවත්වාගෙන යන බවට එජාපය ජනපතිවරයාට සහතික වී ඇති බවයි.

අද කැබිනට් මණ්ඩලය කැඳවීම සඳහා ජනපතිවරයා එකඟ වූයේ ද එජාපයේ මෙම සහතිකය මත බව වැඩි දුරටත් සඳහන්.

Recommended For You

About the Author: Editor