ප‍්‍රති ත‍්‍රස්ත පනත සිකුරාදා පාර්ලිමේන්තුවට

ප‍්‍රති ත‍්‍රස්ත පනත ලබන සිකුරාදා (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය විසින් තීරණය කර ඇතැයි වාර්තා වේ.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඇති නෛතික ප‍්‍රතිපාදන වර්තමාන ආරක්ෂක සහ ජාත්‍යන්තර ප‍්‍රවණතාවලට නොගැළපීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් රජය විසින් ප‍්‍රති ත‍්‍රස්ත පනත සම්මත කර ගැනීමට නියමිතය.

මෙම පනත සම්බන්ධයෙන් විපක්ෂය සහ සිවිල් සමාජය තුළ ප‍්‍රබල විවේචනයක් පවතී. එහෙත් රජය අවධාරණය කරන්නේ ත‍්‍රස්තවාදීන්ට මරණ දඬුවම දීම වැනි ප‍්‍රතිපාදන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළ නොමැති බවයි. එනිසා වත්මන් ආරක්ෂක හා ජාත්‍යන්තර ප‍්‍රවණතා අනුව එම පනත සංශෝධනය කර ප‍්‍රති ත‍්‍රස්ත පනත සම්මත කළ යුතුය යන දැඩි ස්ථාවරය තුළ රජය සිටී.

Recommended For You

About the Author: Editor