වියළි කාලගුණයෙන් ඉන්දියාවේ 184ක් මරුට

ඉන්දියාවේ රාජස්ථාන්, දිල්ලි, උත්තර් ප්‍රදේශ් හා මධ්‍ය ප්‍රදේශ් ඇතුළු ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 184 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

නියඟයෙන් දැඩිව පීඩා එල්ල වී ඇත්තේ බිහාර් ප්‍රාන්තයේ ගයා ප්‍රදේශයට බවයි වාර්තා වන්නේ. සෙල්සියස් අංශක 45ට වඩා වැඩි උෂ්ණත්වයක් එම ප්‍රදේශවලින් වාර්තා වන බව ඉන්දීය කාලගුණ අංශ පවසනවා. රාජස්ථාන්, දිල්ලි, උත්තර් ප්‍රදේශ් හා මධ්‍ය ප්‍රදේශ් ඇතුළු ප්‍රාන්ත රැසකින් සේලසියස් අංශක 46 ට වඩා වැඩි උෂ්ණත්වයක් පසුගිය දින තුන ඇතුළත වාර්තා වූ බවයි කාලගුණ විද්‍යා අංශ සඳහන් කරන්නේ.

මේ අතර බිහාර් ප්‍රාන්තයේ සියලුම පාසල් මේ මස 22 වනදා දක්වා වසා දමා තිබෙන අතර ප්‍රාන්තයේ මේ දිනවල පැතිර යන වෛරසයක් හේතුවෙන් 100කට අධික ළමා මරණ ප‍්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.

මේ සමග තමිල්නාඩු ප‍්‍රාන්තය ද දැඩි නියඟය හේතුවෙන් උග‍්‍ර පානීය ජල අර්බුදයකට මුහුණ දී සිටිනවා.

Recommended For You

About the Author: Editor