අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා පක්ෂ සම්මේලනයේදී කියනවා – ගාමිණි ලොකුගේ

දයාසිරි ජයසේකරට මුල අමතක වෙලා / මැතිවරණෙකට ගිහින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි පොදුජන පෙරමුණයි එකතු වෙලා කටයුතු කරන්න අපි කැමැත්තෙන් ඉන්නේ / අද එක්සත් ජාතික පක්ෂය වගේ ප්‍රබල දේශපාලන පක්ෂයට ජනාධිපති අපේක්ශකයා නම් කරගන්න බැහැ

අද අපි ඉන්නෙ ජනාධිපතිවරණය ගැන විවිධ කතා බහ කෙරෙන වැදගත් කාලයකයි. ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කියල තියෙනවා රාජපක්ෂවරු ආණ්ඩුවක් පිහිටෙව්වොත් ඇමතිකම් අටක් රාජපක්ෂවරුන්ට දෙන්න වෙනවා කියලා.

එතුමට අමතක වෙලා තියෙනවා මහ ඇමතිකමට ඉල්ලන්න එතුමා එනකොට අපේ ආණ්ඩුව කොහොමද තිබුණේ කියලා. එතකොටත් මහින්ද රාජපක්ෂ මහතා රටේ ජනාධිපතිවරයා. චමල් රාජපක්ෂ මැතිතුමා කතා නායකවරයා. ඝෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්තුමා, බැසිල් රාජපක්ෂ මැතිතුමා ආර්ථික කටයුතු පිළිබඳ ඇමති, නාමල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රි, ශෂීන්ද රාජපක්ෂ මැතිතුමා ඌව පළාත් මහ ඇමති. එතකොට මේ තත්වය දන්නේ නැතුවද එතුමා අපේ පැත්තට ආවේ. එදත් ඔය ඔක්කොම හිටියා. එක්කෙනෙක්වත් අඩු නැහැ.

මට බොහොම කණගාටුයි කියන්න මහින්ද මහත්තයා පරාජය වු වෙලාවේ කතානායක නිල නිවාසේ මම ඉන්දෙද්දී දයාසිරි ජයසේකර කිව්වා,

‘‘මොනවා වුණත් අපි මහින්දව අතඅරින්නේ නෑ’’ කියලා.

හැබැයි ඇමති කෑල්ලක් හම්බුන ගමන් ඒක අමතක වුණා. දැන් ලේකම්කම හම්බුනහම තවත් අමතක වුණා.

මැතිවරණෙකට ගිහින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි පොදුජන පෙරමුණයි එකතු වෙලා කටයුතු කරන්න අපි කැමැත්තෙන් ඉන්නේ. මොකද අපි එකම පවුලේ සහෝදරයො දෙදෙනෙක් වගේ. එහෙම අවස්ථාවක ඒ දීගෙ කඩන්න කටයුතු කරනවා නම් අපි ඒ ගැන කනගාටු වෙනවා. මේ අය පුංචි වාසියකට ඒ එකතුව නැති කරන්න කටයුතු කරනවා නම් අපි එ ගැන කණගාටු වෙනවා.

මහින්ද රාජපක්ෂ මැතිතුමත් ඒ පවුලත් විවේචනය කරනවා කියන්නේ ඒ එකතුව කඩන්න කටයුතු කරනවා කියන එකයි. අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා අපි කියලා තියෙනවා. පක්ෂෙ සම්මේලනයේදී අපි ඒක නිල වශයෙන් කියනවා.

එක්සත් ජාතික පක්ෂයට මොකද වෙලා තියෙන්නෙ. දැන් එක එක රැස්වීමෙදි එක එක්කෙනා යෝජනා කරනවා. මේ අය දැන් අපේ අපේක්ෂකයත් නම් කරනවා. මයන්ත දිසානායක මහතා ගිය සුමානේ චමල් රාජපක්ෂ මහතාව ජනාධිපති අපේක්ශකයා කියලා. තවත් එක්කෙනෙක් රාජපක්ෂ මැතිනියව අපේක්ෂකයා කළා.

අපි ප්‍රාදේශීය සභා මැතිවරණය දිනලා ජයග්‍රහනය පෙන්නුම් කරපු දේශපාලන පක්ෂයක්. ඒ හින්දා අපි ඔය කතා ගණන් ගන්නෙ නැහැ. අද එක්සත් ජාතික පක්ෂය වගේ ප්‍රබල දේශපාලන පක්ෂයට ජනාධිපති අපේක්ශකයා නම් කරගන්න බැහැ.

එක්සත් ජාතික පක්ෂය හැමදාම පක්ෂෙ නායකයා, අපේක්ෂකයා විදිහට නම් කළා. ඩී. එස්. සේනානායක මහත්තයා, ඩඞ්ලි සේනානායක මහත්තයා, සර් ජෝන් කොතලාවල මහත්තයා, ජේ ආර් ජයවර්ධන මහත්තයා ඕන තරම් පක්ෂත් එක්ක එකතු වුණා. හැබැයි තරඟෙට එන්නෙ පක්ෂ නායකයා.

නමුත් අද මේ පක්ෂයට තරඟෙට එන නායකයා තෝරගන්න බැරි පක්ෂයක් වෙලා. ජේ.ආර් ජයවර්ධන මහත්තයා විශ්‍රාම යනකොට තීරණය කළා ඊළඟ අපේක්ශකයා ප්‍රේමදාස මහත්තයා කියලා. දැන් වාරදෙකක් එක්සත් ජාතික පක්ෂයට බැරි වුණා තමන්ගෙ නායකයා අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරන්න.

දැන් බණ්ඩාරගම මන්ත්‍රීතුමා කියනවා අපි අලුත් නායකයෙක් ගේනවා කියලා. තවත් කට්ටියක් කියනවා පෙරමුණකින් එනවා කියලා. ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ඒ වගේ පක්ෂයක් නොවෙයි. අපිට ශක්තියක් තියෙනවා, ප්‍රතිපත්තියක් තියෙනවා, වැඩපිළිවෙළක් තියෙනවා, අපේ නායකයා කවුද කියලා.

Recommended For You

About the Author: Editor