
පසුගියදා අමාත්‍ය ධූරවලින් ඉවත් වූ හිටපු අමාත්‍යවරු වන කබීර් හෂිම් සහ අබ්දුල් හලිම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (19) පෙරවරුවේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ පෙර දෑරු අමාත්‍ය ධුරයන් හි ම යළි දිව්රුම් දුන්හ.
කබීර් හෂිම් මහතා මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර අබ්දුල් හලිම් මහතා තැපැල් හා මුස්ලිම් කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.