
අලුතින් සමෘද්ධි 6 ලක්ෂයකට ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ කොළඹ දිස්ත්රික්කයේ සමෘද්ධිලාභීන් 11, 227 දෙනෙක් සඳහා සමෘද්ධි හිමිකම් පත් පිරිනැමීමේ ජාතික උත්සවය අද (19) පස්වරු 3.00ට හෝමාගම විල්ෆ්රඩ් සේනානායක ක්රීඩාංගණයේ දී පැවැත්වෙන බව කොළඹ දිස්ත්රික් සමෘද්ධි අධ්යක්ෂ ඒ.ජී.එස්.අශෝක කුමාර මහතා පැවසීය.
අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ප්රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් ඇමැති දයා ගමගේ මහතා ඇතුළු මැති ඇමැති රැසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ.
මෙම උත්සව අවස්ථාවේ දී අලුතින් සමෘද්ධි ප්රතිලාභීන් 4510 දෙනෙකුට සංකේතාත්මකව සමෘද්ධි හිමිකම් සහතික පත් හිමි වන බවත් කොළඹ දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාශ 13 න් මෙම පිරිස තෝරා ගෙන ඇති අතර හෝමාගම ප්රදේශයේ සුදුසුකම් ලැබූ සියලු දෙනාට සමෘද්ධි හිමිකම් සහතික පත් අද දින පරිනැමෙන බව ඒ මහතා කියා සිටියේ ය.