නඩු විභාගය අතරතුර හිටපු ඊජිත්තු ජනපති මරුට

ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මුර්සි නඩු විභාගයක් අතරතුර හදිසි හෘදයාබාධයක් වැළඳීමෙන් මිය ගිය බව ඊජිත්තු බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මොහොමඩ් මුර්සි මියයන විට 67වැනි වියෙහි පසු වුණා.

මොහොමඩ් මුර්සි බලයට පත්වූණේ 2012 වසරේදීයග ඒ ඊජිප්තුවේ ප්‍රාජාතාන්ත්‍රිතකව බලයට පත්වූ පළමු ජනාධිපතිවරයා වන්නේ මුර්සියි. 2012දී බලයට පත් ඔහු 2013 වසරේ බලයෙන් පහ කළ අතර එතැන් පටන් ඔහු අත්අඩංගුවේ රඳවා ගෙන සිටියා.

මුර්සිගේ මරණය සම්බන්ධයෙන් ඔහු නායකත්වය දැරූ මුස්ලිම් සහෝදරත්ව පක්ෂය සඳහන් කරන්නේ, එය පැහැදිලි මනුෂ්‍ය ඝාතනයක් බවයි. ඒ අතර මුස්ලිම් සහෝදරත්ව ක්‍රියාකාරිකයින් හා මුර්සිගේ පවුලේ අය චෝදනා කරන්නේ රජය විසින් ඔහුට තිබූ රෝගාබාධවලට නිසි ප්‍රතිකාර ලබා නොදුන් බවයි. මේ අතර ඔහුව දිනකට පැය 23ක කාලයක් හුදකලා කුටියක සිරකර තැබූ බවටත් ඔහුගේ පවුලේ සාමාජිකයින් චෝදනා කරනවා.

Recommended For You

About the Author: Editor