පාස්කු ඉරිදා සාක්ෂි විමසීමට මින් පසු මාධ්‍ය නෑ: සාක්ෂිකරුවන්ගේ රහසිගත බව සුරැකීමට තීරණයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ විශේෂ කාරක සභාව මින් ඉදිරියට සාක්ෂි විමසීමේදී සාක්ෂිකරුවන්ගේ අන්‍යනතාව හෙළි නොකිරීමට තීරණය කළ බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා කියයි.

ඒ අනුව සාක්ෂි විමසීමේදී මාධ්‍ය නොමැතිව එම කටයුතු සිදු කිරීමයි තීරණය වී ඇත්තේ.

අද පස්වරුවේ පැවැති කාරක සභිකයින්ගේ විශේෂ සාකච්ඡුාවකින් පසු මෙම තීරණය ගත් බව නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළා.

Recommended For You

About the Author: Editor