
ඉදිරියේදී පහේ ශිෂ්‍යත්ව සහ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග සඳහා සිසුන් ශ්‍රේණි ගත කිරීම නතර කිරීමට පියවර ගන්නා බව බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල කුඩාකත්නෝරුව ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සහ තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ උත්සවයේදීය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන ඇමැතිවරයා කියා සිටියේ බොහෝ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිදහසේ සැහැල්ලුවෙන් සිදුකිරීමට ඇති අවකාශ අහිමි වී තිබෙන්නේ පහේ ශිෂ්‍යත්වය සහ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ කඩඉම් විභාග ලෙස ක්‍රියාත්මක වීම හේතුවෙන් බවයි.
විභාගවලින් සිසුන් ශ්‍රේණිගත කිරීම අනවශ්‍ය කටයුත්තක් බව පැවසූ අමාත්‍යවරයා තත්ත්වය වෙනස් කිරීම වෙනුවෙන් තම උපදෙස් මත විශේෂ කමිටුවක් පත් කර ඇති බවත්ඉ දිරියේ දී එම කමිටු නිර්දේශ ද සැලකිල්ලට ගනිමින් ශිෂ්‍යත්ව සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා ශ්‍රේණි ලබාදීම නතර කිරීමට පියවර ගන්නා බවත් සඳහන් කළේය.