
අපේක්ෂිත රාජ්‍ය ආදායම අඩුවීම සහ පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් ආර්ථිකය තුළ සිදු වූ ක්ෂණික බිඳ වැටීම හේතුවෙන් ඇති වී ඇති රාජ්‍ය මූල්‍ය හිඟයට පිළියමක් ලෙස සියලුම අමාත්‍යාංශවල ප්‍රාග්ධන වියදම් 15%කින් කපා හරින ලෙස මුදල් අමාත්‍යාංශය නියෝග කර ඇතැයි වාර්තා වේ.
අමාත්‍යංශ ලේකම්වරුන් මීට සති දෙකකට පමණ ඉහතදී මුදල් අමාත්‍යංශයට කැඳවා මේ ගැන දැනුම් දී ඇති බවද ඒ බව දන්වමින් මුදල් අමාත්‍යංශය සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක් ද නිකුත් කර ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.