Facebook සමාගම නව ඩිජිටල් මුදල් ඒකකය Libra හඳුන්වා දෙයි

ගෝලීය ගෙවීම් පද්ධතිය තුළ අඩු වියදමකින් ස්මාර්ට් උපකරණ මගින් ගෙවීම් කිරීම පහසු කිරීම Libra ඩිජිටල් මුදල් ඒකකය හඳුන්වා දුන් බව Facebook සඳහන් කරනවා.

ෆේස්බුක් සමාගම සිය ඩිජිටල් මුදල් ඒකකය ‘ලිබ්රා’ Libra ඊයේ (18) හඳුන්වා දුන්නා. මෙම නව මුදල් ඒකකය ‘‘ක්‍රිප්ටෝකරන්සි’’ ක්‍රමවේදයට අයත් බවයි වාර්තා වන්නේ. ක්‍රිප්ටෝකරන්සි යනු ඩිජිටල් මුදල් ක්‍රමවේදයක් වන අතර වන එම මුදල් ඒකක අන්තර්ජාලය තුළ කෙරෙන ගනුදෙනු සඳහා භාවිත කළ හැකියි.

නව මුදල් ඒකකය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ෆෙස්බුක් සමාගම සඳහන් කරන්නේ ‘‘ලිබ්රා’’ ලබන වසරේ සිට භාවිතයට ගැනීමට නියමිත බවයි.

ගෝලීය ගෙවීම් පද්ධතිය තුළ අඩු වියදමකින් ස්මාර්ට් උපකරණ මගින් ගෙවීම් කිරීම පහසු කිරීම ලිබ්රා ඩිජිටල් මුදල් ඒකකය හඳුන්වා දුන් බව ද ඔවුන් සඳහන් කරනවා. මෙහිදී ඔවුන් ලිබ්රා හඳුවන්නේ ‘‘නව ගෝලීය මුදල් ඒකකය’’ යනුවෙනුයි.

ලිබ්රා මුදල් ඒකකයට මූර්ත වත්කම්වලින් සහාය හිමි වන අතර නියාමනයට ලක් කිරීමට ද නියමිත බවත් ‘‘කැලිබ්‍රා’’ යනුවෙන් හැඳින්වෙන් ෆේස්බුක් සමාගමේ ඩිජිටල් පසුම්බිය හරහා මෙම මුදල් ඒකකය ලබාගත හැකි බවත් ෆෙස් බුක් සමාගම කියනවා. ලාභ නොලබන ආයතන, මූල්‍ය සේවා අංශයේ සිටින ව්‍යාපාර සහ අන්තර්ජාල වාණිජ්‍යය අංශයට සම්බන්ධ පාර්ශවකරුවන් 25 දෙනකුගේ සහාය ලිබ්රා මුදල් ඒකකයට හිමිව තිබෙන බවයි ෆේස්බුක් සමාගම නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ.

Recommended For You

About the Author: Editor