කුලියාපිටියට Volkswagen නොඑන බව ඇමති මලික් කියයි

කුලියාපිටියේ වෙන් කළ ඉඩමට වොක්ස්වැගන් Volkswagen සමාගම නොඑන බවත් වෙනත් කීර්තානාමයක් සහිත ආයතනයක් ගෙන්වා ගැනීමට ආයෝජකයා කටයුතු කරන බවත් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ මේ වන විට එහි පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීම ආරම්භ කර ඇති බවයි. 2015 මහ මැතිවරණ සමයේ එජාපය ඉදිරිපත් කළ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ තුළ කුලියාපිිටිය වොක්ස්වැගන් Volkswagen කර්මාන්ත ශාලාවට ප‍්‍රමුඛ තැනක් දී තිබුණි.

Recommended For You

About the Author: Editor