
ඊයේ (19) දකුණුදිග චීනයේ සිචුවාන් පළාතේ සිදු වූ මැග්නිටියුඩ් 6.0ක අගයක් වාර්තා කළ ප්‍රබල භූ කම්පනයකින් අවම වශයෙන් 12 දෙනකු මිය ගොස් 100 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි චීන මාධ්‍ය උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.
එම භූ කම්පනයෙන් පසු ප්‍රබල පසු කම්පන කිහිපයක් ද වාර්තා වී ඇති අතර ගොඩනැඟිලි සුන්බුන් අතර සිරවී සිටින තුවාලකරුවන් මුදා ගැනීමේ දී එය දැඩි බාධාවක් සිදු වූ බවයි වාර්තා වන්නේ.
භූ කම්පනයෙන් පසු සිදු වූ නාය යාම් හේතුවෙන් මාර්ග අවහිර වී ඇති බැවින් අනතුරට පත් වූවන් වෙත ළඟාවීම ද අපහසු වී ඇතැයි චීන රජය කියනවා.